IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රුසියන් නියමුවාගේ සිරුර තුර්කියට දෙයි

පසුගිය දා තුර්කි ප්‍ර‍හාරයකින් විනාශ වූ රුසියා ජෙට් යානයෙන් පිටපතට පැන සිරියා කැරළිකරුවන් විසින් ඝාතනය කැරුණු නියමුවාගේ සිරුර තුර්කි බලධාරීන් වෙත බාර දී ඇතැයි සිඑන්එන් පුවත් සේවය වාර්තා කරයි. තුර්කි අගමැති ආමට් ඩවුටොග්ලු මේ බව මාධ්‍යවේදින්ට පවසා ඇත.

මේ නියමුවාගේ දේහය පිළිබද අවසන් කටයුතු කිරීමට තමන් වෙත එය බාර දෙන්නැයි රුසියාව ඉල්ලීමක් කර ඇති බව ද අගමැතිවරයා පවසයි. ලෝක සම්මතය අනුව එය රුසියාවට බාරදිය යුතුය.

මේ යානයේ සිටි අනෙක් නියමුවා යානය අතහැර පැරෂුට් ආධාරයෙන් බිමට පනිද්දී සිරියා කැරළිකරුවන් ඔහුට වෙඩි තැබුව ද දිවි ගලවාගැනීමට හැකිවිය. රුසියාව පැය කිහිපයක මෙහෙයුමකින් පසු ඔහු සුරක්ෂිතව යළි සිය රට ගෙන ආවේය. රුසියාව පවසන්නේ ජාත්‍යන්තර යුද සම්ප්‍ර‍දායයන් උල්ලංඝනය කරමින් සිරියා කැරළිකරුවන් තම යානයේ නියමුවන් දෙදෙනාට වෙඩි තැබූ බවයි. මේ සිද්ධිය හේතුවෙන් රුසියාව තුර්කියට ආර්ථික සම්බාධක පනවා ඇති අතර ඇතැම් විට ඉදිරි දින කිහිපයේ දී ලෝක යුද්ධයක ආරම්භය සිදු වෙතැයි ද යුද විශ්ලේෂකයෝ බිය පළකරති.



අදහස් (0)

රුසියන් නියමුවාගේ සිරුර තුර්කියට දෙයි

රිචි බාලසුරිය Sunday, 29 November 2015 06:29 PM

තුර්කිය කියන්නේ ත්‍රස්තවාදීන්ට උදව් කරන රටක්. යුරෝපයට තිබෙන ලොකුම හිසරදය තුර්කිය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site