පසුගිය දා තුර්කි ප්‍රහාරයකින් විනාශ වූ රුසියා ජෙට් යානයෙන් පිටපතට පැන සිරියා කැරළිකරුවන් විසින් ඝාතනය කැරුණු නියමුවාගේ සිරුර තුර්කි බලධාරීන් වෙත බාර දී ඇතැයි සිඑන්එන් පුවත් සේවය වාර්තා කරයි. තුර්කි අගමැති ආමට් ඩවුටොග්ලු මේ බව මාධ්‍යවේදින්ට පවසා ඇත.
මේ නියමුවාගේ දේහය පිළිබද අවසන් කටයුතු කිරීමට තමන් වෙත එය බාර දෙන්නැයි රුසියාව ඉල්ලීමක් කර ඇති බව ද අගමැතිවරයා පවසයි. ලෝක සම්මතය අනුව එය රුසියාවට බාරදිය යුතුය.
මේ යානයේ සිටි අනෙක් නියමුවා යානය අතහැර පැරෂුට් ආධාරයෙන් බිමට පනිද්දී සිරියා කැරළිකරුවන් ඔහුට වෙඩි තැබුව ද දිවි ගලවාගැනීමට හැකිවිය. රුසියාව පැය කිහිපයක මෙහෙයුමකින් පසු ඔහු සුරක්ෂිතව යළි සිය රට ගෙන ආවේය. රුසියාව පවසන්නේ ජාත්‍යන්තර යුද සම්ප්‍රදායයන් උල්ලංඝනය කරමින් සිරියා කැරළිකරුවන් තම යානයේ නියමුවන් දෙදෙනාට වෙඩි තැබූ බවයි. මේ සිද්ධිය හේතුවෙන් රුසියාව තුර්කියට ආර්ථික සම්බාධක පනවා ඇති අතර ඇතැම් විට ඉදිරි දින කිහිපයේ දී ලෝක යුද්ධයක ආරම්භය සිදු වෙතැයි ද යුද විශ්ලේෂකයෝ බිය පළකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුර්කිය කියන්නේ ත්‍රස්තවාදීන්ට උදව් කරන රටක්. යුරෝපයට තිබෙන ලොකුම හිසරදය තුර්කිය. (නි)