IMG-LOGO

රුසියානු ජාතිකයින් 6 ට එරෙහිව අමෙරිකාවෙන් සයිබර් අපරාධ චෝදනා

ජාත්‍යන්තර සයිබර් අපරාධවල නිරතවීම සම්බන්ධයෙන් රුසියාවේ බුද්ධි නිලධාරීන් 6 දෙනෙකුට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අපරාධ චෝදනා ගොනුකර තිබේ.


2015-2019 අතර කාලයේ විවිධ රටවල රජයේ ආයතන සහ වෙනත් සංවිධානවල පරිගණකවලට අනවසරයෙන් ඇතුළු වී ඒවායේ තොරතුරුවලට හානි කිරීම මොවුන්ට එල්ල වී ඇති චෝදනාවයි.

එවැනි ගෝලීය අපරාධ ජාලයක් මෙම රුසියානුවන් විසින් මෙහෙයවා ඇති බව අමෙරිකාව පෙන්වා දෙන අතර ඒ ඔස්සේ සිදුකළ පරිගණක වංචා රැසකට ද මොවුන් වැරදිකරුවන් වන බව සඳහන් කරයි.

එම අපරාධ හේතුවෙන් ඩොලර් බිලියනයකට අධික මුදලක් අහිමි වී තිබේ.

2018 වසරේ දකුණු කොරියාවේ පැවති වින්ටර් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරගවල දත්ත ඇතුළත් කර තිබූ පරිගණක දහස් ගණනක දත්ත මෙම හැකර්වරුන් විසින් මකා දමා ඇත.

යුක්රේනයේ විදුලිබල සපයුම අඩාළ කිරීමට ද මෙම රුසියානු හැකර්වරුන් ක්‍රියාකර ඇති අතර අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවා පද්ධතිය අකර්මන්‍ය කිරීමට ද ඔවුන් කටයුතු කර තිබේ. 

2017 වසරේ පැවති ප්‍රංශ මැතිවරණයට ද මෙම හැකර්වරුන් බලපෑම් එල්ල කර ඇත. 

මෙම වසරේදී ජපානයේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් සහ පැරාඔලිම්පික් තරගාලවලි ද හැකර්වරුන්ගේ ඉලක්ක බවට පත්වී ඇති නමුත් කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් එම තරගාවලි ලබන වසර දක්වා කල්දැමීමට තීරණය කෙරුණි. 

එළඹෙන අමෙරිකානු ජනාධිපතිවරණයට මෙහි සම්බන්ධයක් නොමැති බව පෙන්වා දෙන එරට අධිකරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ තම ඡන්දය නිසි පරිදි ගණන් කරනු ඇති බවට ඡන්දදායකයින් විශ්වාසය තබාගත යුතු බවයි.

 

-226-

(එන්.එච්.කේ. ඇසුරෙනි)



අදහස් (0)

රුසියානු ජාතිකයින් 6 ට එරෙහිව අමෙරිකාවෙන් සයිබර් අපරාධ චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 998 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site