රුසියාවේ ‘වැග්නර්’ කුලී හේවායන්ට උතුරු කොරියාවෙන් අවි ආයුධ ලැබී ඇතැයි ඇමෙරිකාව චෝදනා කරයි.
ඇමෙරිකාව නගන මෙම චෝදනාවලට පිළිතුරු දෙමින්, තමන් රුසියාව සමඟ කිසිදු දිනෙක කිසිදු ආකාරයක අවි ගනුදෙනුවක් නොකළ බවත්, ඇමෙරිකාව කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
උතුරු කොරියාව රුසියාවට පතොරම් ලබා දී ඇති බව ජපාන මාධ්‍ය පසුගිය දා ද වාර්තා කර තිබුණි. එම වාර්තා වලට පිළිතුරු දීම කාලය නාස්ති කිරීමක් බව උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.
සෝල්හිදීය (රොයිටර්)
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd