බැග්ඩෑඩ් (ඒ.එෆ්.පී./ඩේලිමේල්)

 

අයි.එස්. හෙවත් ‘‘ඉස්ලාමික් ස්ටේට්‘‘ ත්‍රස්තවාදීන් ලිබියාවේදී රසායනික අවි තොගයක් අත්පත් කරගෙන ඇතැයිද එය යුරෝපයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කරනු ඇතැයිද බ්‍රිතාන්‍ය විශේෂඥයෝ පිරිසක් පෙරේදා (21) අනතුරු ඇඟවූහ.

 

ලිබියාවේ දකුණු දිග හා මධ්‍යම ප්‍රදේශවලදී ලිබියාණු රජයේ හමුදා පරාජයට පත්කිරීමෙන් පසු අයි.එස් ත්‍රස්තයන් සැරීන් සහ ‘සල්ෆර් මස්ටර්ඩ්‘වායුව නමින් හඳුන්වන ‘රසායනික අවි‘ අත්පත් කරගෙන ඇතැයි මැද පෙරදිග වාර්තා සඳහන් කරයි. රසායනික ප්‍රමාණය කොතෙක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බවද වාර්තා වේ.

මෙම අවි වසර දහයක් පමණ පැරැ‚ බවත් එසේ වුවද අනතුරුදායක ලෝක ආරක්ෂාවට තර්ජනයක් බවත් බ්‍රිතාන්‍ය හමුදාවේ හිටපු නිලධාරීයකු වන හර්මිෂ් ද බ්‍රෙට්න් පවසා ඇත.

සිරියා ජනපති බෂාර් අල් අසාද්ගේ රජයේ හමුදා 2013 වසරේ අගෝස්තු මාසයේදී සැරීන් රසායන ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් භාවිත කළ අතර ඉන් දහසකට වැඩි පිරිසකට ජීවිත අහිමි වූ බවත් ඒ මත පදනම් අනතුරු අඟවන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

ටොන් එකක ගුණත්වයෙන් අඩු සැරීන් රසායන ප්‍රමාණය  එතරම් හානියක් කළේ නම්, අයි.එස් ත්‍රස්තයන් කොපමණ හානියක් කරනු ඇත්දැයි යන්න පිළිබඳ අවධානය යොමුකළ යුතු බවට ගල්ෆ් කලාපයේ රැඳී සිටින හර්මිෂ් ඉරාක රජයට අනතුරු අඟවා ඇත.

අයි.එස් ත්‍රස්තයෝ රසායනික අවි කොතරම් ප්‍රමාණයක් අත්පත් කරගත්තාද යන්න මෙතෙක් අනාවරණය නොමැති බවත් ඒවා ලිබියාවේ හිටපු පාලකයකු වන මුවම්මර් ගඩාෆිගේ පාලන සමයට අයත් ඒවා යැයිද හර්මිෂ් සඳහන් කරයි. එසේ වුවද එම ආයුදවල විෂ තවමත් රැඳී ඇති බවත් ඒවා අනතුරු දායක බවත් හර්මිෂ් පැවසීය.

ලිබියාව යුරෝපයට ආසන්නයේ පිහිටා ඇති රටක් වන අතර එහෙයින් ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු යැයි හර්මිෂ් අවධාරණය කරයි.

අයි.එස් ත්‍රස්තයන් මීට පෙර ක්ලෝරීන් ආයුධයක් ලෙස භාවිත කළ බවත් අයි.එස් ත්‍රස්තයන් සතුව සදාම් හුසේන්ගේ පාලන සමයේදී රසායනික අවි තැනූ විශේෂඥයන් සිටින බවත් යුද විශ්ලේෂකයෝ කියති.

25ED028700000578-2963349-image-a-3_1424561505869