IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රුසියා හමුදාවට අලුත් තරුණයෝ 1,60,000 ක්

රුසියාව සිය හමුදා ශක්තිය වැඩි කරගනිමින් සිටින අතර, අවුරුදු 18 ත් 30 ක් අතරේ තරුණයන් 1,60,000 ක පිරිසක්, හමුදාවට බඳවා ගන්නැයි එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර තිබේ.

රුසියන් හමුදාවට මේ අයුරින් නව බඳවා ගැනීමක් සිදුවන්නේ 2011 වසරෙන් පසුව යැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. රුසියන් හමුදාවට අයත් සාමාජිකයන් ගණන මිලියන 2.39 ක් වන අතර, ඔවුන් අතරින් ක්‍රියාකාරී හමුදා සාමාජිකයන් ගණන මිලියන 1.5 ක් බව පැවැසෙයි.

රුසියාව, මේ වනවිට අසල්වැසි යුක්රේනය සමඟ යුද්ධයකට පැටලී සිටී. ඒ, යුක්රේනය ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. ‘නේටෝ’ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. මෙය බටහිර රටවල එකමුතුවෙන් පිහිටුවාගත් යුද සංවිධානයකි. යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවීම රුසියාවේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයකි. රුසියන් ජනාධිපති පුටින්, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ගෙන ඇත්තේ මේ නිසාය.

හමුදාවට තරුණයන් 1,60,000 ක පිරිසක් බඳවා ගන්නැයි රුසියන් ජනාධිපති පුටින් ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් රුසියන් හමුදාව පවසා ඇත්තේ, මෙම නව සාමාජිකයන් බඳවා ගැනීම සහ රුසියන් යුක්රේන යුද්ධයට කිසිදු සම්බන්ධයක් නොමැති බවය.

මේ අතර රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරමින්, තිරසාර සටන් විරාමයක් සහ සාම වැඩපිළිපෙළක් සකස් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය ඉදිරිපත් වී සිටී. රුසියන් සහ යුක්රේන නියෝජිතයන් හවුල් කර ගනිමින්, සෞදියේ දී සාකච්ඡා වටයක් පැවැත්විණි. කෙසේ නමුත් එම සාකච්ඡා මෙතෙක් ඵලදායී වී නැත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

රුසියා හමුදාවට අලුත් තරුණයෝ 1,60,000 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site