ටීවී5 මොන්ඩ් ප්‍රංශ රූපවාහිනී ජාලයට එල්ලවූ සයිබර් ප්‍රහාරය රුසියා හැකර්කරුවන්ගේ ක්‍රියාවක් බවට එරට පොලිසිය විශ්වාස කරතියි බීබීසී පුවත් සේවය කියයි.

ඉස්ලාම් ආගමිකයන් නියෝජනය කරන ජිහාඩ් ත්‍රස්තවාදීහු ඔවුන්ගේ ක්‍රියාකාරකම් වෙබ් අඩවියෙන් ප්‍රකාශ කර සිටිති.

ප්‍රංශ මාධ්‍යයට අනුව රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් ඒපීටී28 නමැති රුසියා හැකර් කණ්ඩායමක් කෙරෙහි වැඩි අවධානය යොමු කර ඇති බව වාර්තාවේ. ඒපීටී 28 කණ්ඩායම මීට පෙර ඇමරිකාවේ ධවල මන්දිරයේ කටයුතු හැක් කිරීමට උත්සාහ කර ඇතැයිද වාර්තාවේ.

නේටෝ සාමාජිකයන්ගේ පරිගණක පද්ධතිය ඉලක්ක කරගෙන එම ප්‍රහාරය එල්ල වී ඇති අතර රුසියා විරුද්ධවාදීන් හා යුක්රේන ක්‍රියාකාරීන් මෙයට සම්බන්ධව ඇතැයි පුවත්පත් වාර්තා කියයි.

සයිබර් ප්‍රහාරය සඳහා යොදාගත් පරිගණකවල අයිපී අංක සොයා පරීක්ෂණ දියත්වී ඇතැයි අධිකරණ ආරංචි පවසයි.

ප්‍රහාරයෙන් පසුව එම රූපවාහිනී ජාලය පෙර පටිගත කරන ලද වැඩසටහන් විකාශය කරන අතර ඔවුන් එය හඳුන්වා ඇත්තේ රූපවාහිනී ඉතිහාසයේ පෙර නොවූ විරූ දෙයක් ලෙසයි.

ඉස්ලාම් රාජ්‍යයන්ගෙන් ඉවත්වී සිටින ලෙස ඔවුන්ගේ ෆේස්බුක් පිටුව මගින් ප්‍රංශ යුද භටයන්ට අනතුරු ඇඟවීමටද ක්‍රියා කර ඇත.

අයි එස් සටන්කාමීන්ට එරෙහිව ක්‍රියාත්මක ප්‍රංශ භටයන්ගේ හැඳුනුම්පත් ඇතුළත් වාර්තා පවා ප්‍රසිද්ධියට පත් කිරීමට හැකර්කරුවන් ක්‍රියා කර ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා අනාවරණය කරයි.