පසුගිය ඔක්තෝබරයේදී මගීන් 224 දෙනකු ජීවිතක්ෂයට පත්කරමින් ඊජිප්තුවේදී ප්‍රහාරයකට ලක්ව කඩා වැටුණු රුසියාවේ යානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවූ බවට සාක්කි නැතැයි ඊජිප්තුව කියයි.
එම ප්‍රහාරය සම්බන්ධයෙන් අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් වගකීම බාරගෙන තිබූ අතර බොහෝ පිරිසක් ඒ සම්බන්ධයෙන් අයිඑස් ත්‍රස්තයන්ට ඇඟිල්ල දිගු කළහ.
ඊජිප්තුව ප්‍රකාශ කළේ කඩා වැටුණු යානයේ කොටස් පරීක්ෂාවේදී එය ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූ බවට සාක්කි හමුනොවූ බවයි. තාක්ෂණික පර්යේෂණ නිලධාරීන්ද සඳහන් කර ඇත්තේ කිසිදු ත්‍රස්තවාදියකුගේ මැදිහත්වීමක් හෝ ත්‍රස්ත ක්‍රියාවක් යානයේ කඩා වැටීමට හේතු වී නැති බවයි.
මේ සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ සිදුකරන බවත් මෙය අවසන් වාර්තාව නොවන බවත් යානයේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කණ්ඩායම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අයිඑස්ලා වගකීම බාරගත්තේ ඇයි? (නි)
කොටදෙනියාව පොලිසිය ලෝකයේ හැමතැනම ඉන්නවද කියලා හිතුනා (නි)
අපරාදේ අයිඑස්ලට ගහපු මිසයිල ටික. (නි)