ඊජිප්තුවේ සීනායි අර්ධද්වීපයේ එල් - ෂීක් සිට රුසියාවේ පීටර්ස්බර්ග් නුවර බලා පියාසර කරමින් තිබියදී කඩා වැටුණු රුසියන් ගුවන් යානයේ විනාශයට හේතුව එහි තිබී පුපුරා ගිය බෝම්බයක් විය හැකි යැයි මේ වන විට මත පළව තිබේ.
බි‍්‍රතාන්‍යය හා ඇමරිකාව දැඩිව මෙම මතයේ පිහිටා සිටින බවත් බි‍්‍රතාන්‍යය අගමැති ඩේවිඩ් කැමරන් එල් - ෂීක් හි සිටින බි‍්‍රතාන්‍යය සංචාරකයින් නැවත සියරට ගෙන්වා ගැනීමට මගී ප‍්‍රවාහන ගුවන් යානා නොව හමුදා ගුවන් යානා භාවිතා කරන ලෙස උපදෙස් නිකුත් කර ඇති බවත් කියති.
ඊජිප්තුවේ ප‍්‍රකට සංචාරක මධ්‍යස්ථානයක් වන එල් ෂීක් හි සිටි රුසියා සංචාරකයින් පිරිසක් රැගෙන පියාසර කරමින් තිබූ මෙම යානය ගුවන් ගතවී පැය දෙකක් පමණ ගතවූ තැන පොළවට ඇද වැටී විනාශ වූයේ එහි සිටි මගීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 224 දෙනාම මරුමුවට පත්කරවමිනි. මියගිය අය අතර කුඩා දරුවන්ද සිටින බව සඳහන්ය.
යානය කඩා වැටුණු ප‍්‍රදේශයට මේ වන විට ගොස් සිටින රුසියා පර්යේෂකයින් දැනටමත් විමර්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.යානයේ තොරතුරු ගබඩා කරගන්නා කළු පෙට්ටිය සොයාගෙන එහි තිබූ හඬ පටය පරීක්ෂාවට ලක්කර ඇති ඔවුන් යානය පොළවට වැටීමට මොහොතකට පෙර එම හඬ පටයේ අමුතු ශබ්ද රැසක් පටිගතව තිබෙනු ඇසීමට හැකිවූ එම ශබ්ද පිපිරීමක් නිසා ඇතිවූ ඒවා දැයි යන්න දැන්ම තීරණය කළ නොහැකි බවත් පවසයි.
යානයේ ඉදිරිපස කොටසේ සිටියවුන් වීදුරු කැබලි හා යකඩ කැබලි වැදීමෙන් මරණයට පත්ව ඇති බවත් පසුපස කොටසේ සිටියවුන් දැඩි ලෙස පිළිස්සීම නිසා මරණයට පත්ව ඇති බවත් හඳුනාගැනීමට හැකිවූ බවද ඔවුන් වැඩිදුරටත් කියයි.
යානය පොළවට වැටීමට පෙර ගෙන ඇති චන්ද්‍රිකා ඡායාරූපයන් වල යානයේ මැද කොටසේ දිළිසුම් සටහන්ව තිබු අතර යානයේ මළසිරුරු වන අනන්‍යතාවයන් මේ වන විට හඳුනා ගැනෙමින් පවතී.
යානය අනතුරට පත්වූ වහා ප‍්‍රකාශයක් නිකුත් කළ අයිඑස් අන්තවාදීහු අනතුරේ වගකීම තමන් භාරගන්නා බව ප‍්‍රකාශ කළහ.එසේ නමුත් මේ දක්වාම එය සිදුකළේ කෙසේදැයි ඔවුන් අනාවරණය කර නොමැත.
ඊජිප්තු බලධරයින් නම් පවසන්නේ යානයේ කාර්මික දෝශයක් අනතුරට හේතු වන්නට ඇති බවයි.
ඉදිරි විමර්ෂණ කටයුතු වලින් යානයට අත්වූ ඉරණම කවරක් වන්නට ඇතිදැයි අනාවරණය වනු ඇත.
![2E0B405F00000578-3303148-Officials_have_begun_downloading_the_data_on_the_Flight_Data_Rec-a-66_1446648009656[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/2E0B405F00000578-3303148-Officials_have_begun_downloading_the_data_on_the_Flight_Data_Rec-a-66_14466480096561.jpg)
![2E10DD5100000578-3303148-This_section_of_cockpit_was_one_of_12_wreckage_sites_spread_acro-a-29_1446639880896[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/2E10DD5100000578-3303148-This_section_of_cockpit_was_one_of_12_wreckage_sites_spread_acro-a-29_14466398808961.jpg)
![2E10F4B200000578-3303148-Other_officials_gathered_passports_belonging_to_the_224_victims_-a-23_1446631409925[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/2E10F4B200000578-3303148-Other_officials_gathered_passports_belonging_to_the_224_victims_-a-23_14466314099251.jpg)
![2E095BBB00000578-3303148-Egyptian_military_approach_a_plane_s_tail_at_the_wreckage_of_a_p-a-11_1446631299821[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/2E095BBB00000578-3303148-Egyptian_military_approach_a_plane_s_tail_at_the_wreckage_of_a_p-a-11_14466312998211.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණින්ම මේවා හෙළිවේවි (නි)
අපේ අයවගේ තොරතුරු හරිහැටි නොදැන ඒ මිනිස්සු කට තිබුණ පලියට දොඩවන්නේ නෑ. ඒකයි හේතුව(රේ)
අම්මෝ මෙහෙමත් විනාශයක්! (නි)
පිටිගලට ඉක්මන් වුණාට, හේතුව හරියට නොදැන කෙනෙකුට හෝ සංවිධානයකට වරද පැටවීමට නොහැකියි (නි)
ඇමරිකාව සහා යුරෝපය සිරියාවට කරන විනාශයට රුසියාවෙන් විරුද්ධවීම නිසා එයට අනතුරු ඇඟවීමක් විය හැක (නි)
මෙම යානයේ 'කළු පෙට්ටිය' හෙවත් යානාවේ දත්ත පටිගතවන උපකරණය ඊට හානි සිදුවීමකින් තොරව හමු වූ නිසා මේ වන විට මෙම අනතුරට හේතුව ප්‍රකාශයට පත් කිරීමට හොඳටම කල් ඇති නමුත් මෙම පමාවීමට හේතුව මෙය ත්‍රස්ත ප්‍රහාරයක් යයි කීමට පුටින් මහතා අකමැති වීමද? (ම)