රුසියාවට අයත් මිග් - 23 වර්ගයේ යුද ගුවන් යානයක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරට පත් වී ඇති බව රුසියා මාධ්‍ය වාර්තා කරයි. යානය අනතුරට ලක්වී ඇත්තේ ගුවන්යානා නැවැත්වීමට යොදාගන්නා අද්මිරාල් කුස්නෙට්සොව් නම් නැවට ගොඩ බැස්වීමට යෑමේදීය.

ගුවන් නියමුවා යානයෙන් ඉවතට පැන දිවි බේරා ගෙන තිබේ. අනතුරට හේතුව තාක්ෂණික දෝෂයක් බව ආරක්ෂක අංශ පවසයි.