IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රුසියා යාත්‍රාව හිම කුණාටුවට බිලි

ඩැල්නි වොස්ටොක් නම් රුසියානු ටෝලර් යාත්‍රාව රුසියාවේ කම්ටච්කා අර්ධද්වීපයට එපිටින් මුහුදේ ගිලීමෙන් අවම වශයෙන් 54 ක් මියයන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පහළොස් දෙනකු අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා දැනටමත් මෙහෙයුම් ක්‍රියාත්මක කැර ඇත. යාත්‍රාවේ කපිතාන් ද මියගිය අය අතර සිටින බව පැවසේ.

යාත්‍රාවේ සිටි 63 දෙනකු දිවි බේරාගෙන ඇති අතර ඔවුන් බොහොමයක් දැඩි ශීතලෙන් පීඩාවට පත්ව සිටිති. යාත්‍රාව ගිලෙන අවස්ථාවේ එහි 132ක් ගමන් කරමින් සිටියහ. රුසියානු ජාතිකයන් 78ක්, මියන්මාර ජාතිකයන් 42ක්, යුක්රේන,ලැට්වියා හා වනාටු ජාතිකයෝ ද ඒ අතර සිටිති. යාත්‍රාව අනතුරට පත්වූ අවස්ථාවේ දැඩි හිම කුණාටු සමග වේගයෙන් හුළං හමා ගිය බව ද මීටර 10ක් පමණ උසට රළ නැග ආ බව ද වාර්තා වේ.

යාත්‍රාව ගිලී යාමට හේතුව මෙතෙක් තහවුරු කරගෙන නැත. එය යම් බාධකයක හැපෙන්නට ඇතැයි සැකයක් පවතී. අනතුරට පත්ව විනාඩි 15ක් වැනි කෙටි කාලයක දී යාත්‍රාව මුළුමනින්ම දියේ ගිලී ගොස් ඇතැයි ද කිසිදු අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ලබා දී නැතැයි ද ගලවාගැනීමේ කණ්ඩායම් පවසයි.

   



අදහස් (0)

රුසියා යාත්‍රාව හිම කුණාටුවට බිලි

දුමින්ද Thursday, 02 April 2015 09:52 AM

සොබාදහම හමුවේ මිනිසා බිළිඳෙක් කළ විපතක්! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site