රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ප්‍රතිඵල අතුරින් අඩකටත් වැඩි ප්‍රමාණයක් ලබා ජනපති පූටින්ගේ එක්සත් රුසියා පක්ෂය ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

තමා ඉතා හොඳ ප්‍රතිඵලයක් ලැබූ බව පූටින් පවසා ඇත.

එල්ඩීපීආර් සහ කොමියුනිස්ට් පක්ෂය සියයට 14 -16ත් අතර ඡන්ද ප්‍රමාණයක් ලබා සිටින බවද වාර්තාවේ.

ලිබරල් පක්ෂ 5% ඡන්ද කඩයිම ලබාගැනීමට නොහැකිව මැතිවරණයෙන් ඉවතට විසිවන ලකුණු පෙනී යන බවද කෙසේ නමුත් ස්වාධීන මට්ටමින් ඔවුනට ආසන කිහිපයක් ලැබීමට ඉඩ ඇතැයි ද රුසියා දේශපාලන ආරංචි සඳහන් කරයි.

අගමැති දිමිත්‍රි මේදෙව් නායකත්වය ලබාදෙන එක්සත් රුසියා පක්ෂය 44.5%ක ඡන්ද ලබා මහ මැතිවරණයේ ප්‍රතිඵල අඩක් පිටවී අවසන් වනවිට විශාල පරතරයක් සහිතව ඉදිරියෙන් සිටී.

ඡන්ද කොමසාරිස් එල්ලා ටැම්ෆිලෝවා පවසනුයේ ඡන්දය ඉතාම සාමකාමී නීත්‍යනුකූල මට්ටමින් පැවැත්වෙන බවයි. මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සඳහන් කරනුයේ ඡන්ද පැමිණිලි 1300ක් ලැබී ඇති බවයි.

ඉදිරි අවුරුදු පහේ  ‘කළමනාකරණ ප්‍රජාතන්ත්‍රවාදය‘ වෙනුවෙන් මන්ත්‍රීන් 450ක් ඩූමාවට තෝරා ගැනීමට නියමිතය.

web91288595_035377320-1 web91293582_mediaitem91293579