රැසියාව ගුවන් ප්‍රහාර එල්ල කිරීම නවත්වා පැය කිහිපයකට පසු අයි එස් ත්‍රස්තයින් සිරියාවේ පැල්මයිරා නගරය නැවත අත්පත් කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට රජයේ හමුදා නගරයට ආසන්නව ප්‍රහාරයකට සුදානම් වෙමින් සිටින බවද වාර්තා වෙයි.
එම නගරය 2015 මැයි මාසයේ සිට අයි එස් ත්‍රස්තයින් සතු වු අතර 2016 මාර්තු මාසයේදී ඔවුන්ගෙන් මුදා ගැනිණි.
රැසියාව මෙම මෙහෙයුමේදී ගුවන් ප්‍රහාර 64ක් පමණ එල්ල කළ බවත් ඉන් ත්‍රස්තවාදීන් 300ක් පමණ මිය ගිය බවත් රුසියා ආරක්ෂක අංශ කියයි.
සිරියා රජයේ හමුදා ඇලෙප්පෝ නගරය වෙත වැඩි අවධානයක් යොමු කිරීම අයි එස් ත්‍රස්තයින්ට පැල්මයිරාවට ඇතුළු වීමට ඉඩ සැලසු බව විදෙස් මාධ්‍ය පවසයි.
ඇලෙප්පෝ නගරයේ සිටින සිවිල් ජනතාව ඉන් ඉවත් කරගැනීමට ඇමෙරිකා හා රුසියා බලධාරීන් ජිනීවාහි සාකච්ඡා කරන බවද බලධාරීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd