රැසියාව ගුවන් ප්‍රහාර එල්ල කිරීම නවත්වා පැය කිහිපයකට පසු අයි එස් ත්‍රස්තයින් සිරියාවේ පැල්මයිරා නගරය නැවත අත්පත් කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට රජයේ හමුදා නගරයට ආසන්නව ප්‍රහාරයකට සුදානම් වෙමින් සිටින බවද වාර්තා වෙයි.
එම නගරය 2015 මැයි මාසයේ සිට අයි එස් ත්‍රස්තයින් සතු වු අතර 2016 මාර්තු මාසයේදී ඔවුන්ගෙන් මුදා ගැනිණි.
රැසියාව මෙම මෙහෙයුමේදී ගුවන් ප්‍රහාර 64ක් පමණ එල්ල කළ බවත් ඉන් ත්‍රස්තවාදීන් 300ක් පමණ මිය ගිය බවත් රුසියා ආරක්ෂක අංශ කියයි.
සිරියා රජයේ හමුදා ඇලෙප්පෝ නගරය වෙත වැඩි අවධානයක් යොමු කිරීම අයි එස් ත්‍රස්තයින්ට පැල්මයිරාවට ඇතුළු වීමට ඉඩ සැලසු බව විදෙස් මාධ්‍ය පවසයි.
ඇලෙප්පෝ නගරයේ සිටින සිවිල් ජනතාව ඉන් ඉවත් කරගැනීමට ඇමෙරිකා හා රුසියා බලධාරීන් ජිනීවාහි සාකච්ඡා කරන බවද බලධාරීහු කියති.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියා ගුවන් ප්‍රහාර නැති තැන අයිඑස් පැල්මයිරා අල්ලයි