රුසියාව විසින් පසුගිය සෙනසුරාදා මැක්සිකන් චන්ද්‍රිකාව සහිතව ගුවන් ගතකල රොකට්ටුව නිසිපරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඉතාමත් ඉක්මනින්ම සයිබීරියානු ගුවන් තලයේදී ගිනිගෙන විනාශවනු ඇතැයි රුසියානු අභ්‍යාවකාශ ඒජන්සිය පවසයි.
පසුගිය සෙනසුරාදා උදෑසන කසකස්තානයේදී ගුවන් ගතකරණ ලද පෝර්ටොන් - එම් නැමැති බඩු බාහිරාදිය රැගෙන යන රොකට්ටුව එය ගුවන් ගත කර පළමු මිනිත්තුවේදීම කැඩීගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
පසුගිය මාස කීපයේදී රුසියානු අභ්‍යවකාශ වැඩසටහන මෙවැනි අකරතැබ්බයන් ගණනාවකින් අපහසුතාවයට පත්ව තිබේ. මීට කලින් පලවු වාර්තා මගින් කියැවුනේ රොකට්ටුව සයිබිරියාවේදී කඩා වැටුනු බවයි.
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටින ගගන ගාමින් තිදෙනා නැවත පෘථිවිය වෙත රැගෙන ඒම පසුගිය අඟහරුවාදා රුසියාව විසින් ප්‍රමාද කරණු ලැබීය. මිනිසුන් රහිතව බඩු බාහිරාදිය රැගෙන ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්තානය වෙත ගමන් කරමින් තිබු යානය අනතුරක් හේතුවෙන් නැවත පෘථිවි වායුගෝලයට ඇතුලත් වීමේදී ගිනිගෙන විනාශ වි යාම ඊට හේතුවිය. යානය විනාශ වූයේ අප්‍රේල් 28 දින දී ය.
අභ්‍යාවකාශ තාක්ෂණය සම්බන්ධයෙන් රුසියාව විසින් ලබාගෙන තිබු කීර්තිනාමය මෙම සිද්ධි සමගම පහළ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම අනතුර ගැන රුසියානු ජනාධිපති පුටින් ද දැනුවත් ව ඇති බව ඔහුගේ ප්‍රකාශක ඩිමේට්රි පෙස්කෝ පැවසීය.
බටහිර සහ ආසියාවේ වාණිජ චන්ද්‍රිකා ගුවන් ගත කිරීමෙන් රුසියාව අති විශාල විදේශ විනිමයක් දැනටමත් උපයයි.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියා අභ්‍යාවකාශ ගමන් අනතුරක ?
දිසානායක Monday, 18 May 2015 09:49 PM
මේවා අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ, අපේ ඇමතිතුමා කියනවා වගේ (නි)
ආනන්ද දොඩන්ගොඩ Monday, 18 May 2015 12:12 PM
වැරදීම් කා හටත් සිදු වනවා, මේකත් ඒවාගේ වුන දෙයක්, වෙරදීම් තුලින් ඉදිරියට බොහෝ දේවල් නිවැරදි කර ගන්නට පුළුවන්. (ර)
අමරවීර Tuesday, 19 May 2015 02:57 AM
චීනය සතු ප්‍රධාන අයිසී එක නිසා චීනා විසින් බිමට වට්ටනවා වෙන්න බැරිකමකුත් නැහැ (නි)
දුමින්ද Monday, 18 May 2015 08:24 AM
කාගේ හෝ කඩාකප්පල්කාරී වැඩක්වද්ද? (නි)
චන්න බුවනක Tuesday, 19 May 2015 02:30 PM
අපිත් යැව්වා නේද එකක්. ඒක කොහෙද දන්නේ නැහැ. (නි)
ප්‍රියන්ත Monday, 18 May 2015 04:59 PM
කවුද දැන් මේකට වගකිවයුත්තේ? (නි)
රිචි බාලසුරිය Monday, 18 May 2015 06:31 PM
අපරාදේ! අපේ අරයා ලවා මොනවාහරි කරන්න තිබුණා කලින් කිව්වා නම්.දැන් පරක්කු වැඩිනේ (නි)