ඉතාලියේ උතුරු දිග බ්‍රෙස්කියාහි මාර්ගයක ගමන්ගත් මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් දරුවන් දෙදෙනකු ඇතුළු හය දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙම අනතුරේදී ලොරි රථයක් මෝටර් රථයේ ගැටීම හේතුවෙන් එය තවත් ඉන්ධන ප්‍රවාහන ට්‍රක් රථයක පිටුපස වැදී ඇති බව පොලිසිය පවසයි.
අනතුරෙන් පසු පිපිරීමක් ද ගිනි ගැනීමක් ද සිදුවී ඇතැයි පැවසේ.ලොරි රථයේ රියදුරා ද මෝටර් රථයේ සිටි පස් දෙනකු ද මියගොස් ඇත.
පොලිසිය පවසන්නේ එම මාර්ගයේම ඊට සුළු වේලාවකට පෙර සිදුවූ වෙනත් අනතුරක් හේතුවෙන් මාර්ගය කාර්යබහුල වී තිබුණු බවයි.
(බීබීසි පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd