
මුහුණ පුරා රැවුල නැති, ආරක්ෂක අංශ සාමාජිකයන් 280 දෙනකුට ෂරියා නීතිය යටතේ දඬුවම් දීමට, ඇෆ්ගන් තලේබාන් රජය පියවරගෙන ඇත.
තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගත්තේ 2021 දී ඇමෙරිකන් හමුදා එරටින් යෑමෙන් පසුවය. බලය අත්පත් කර ගැනීමෙන් පසු, ඇෆ්ගනිස්තානයේ පිහිටුවා ඇති තලේබාන් රජය ඔවුන්ටම ආවේණික ෂරියා නීතිය ක්‍රියාවට නංවා ඇත.
ෂරියා නීතිය යටතේ, පිරිමින් සියලු දෙනා මුහුණ පුරා රැවුල වැවීම කළ යුතු යැයි ඇෆ්ගන් සදාචාරය සුරැකීම වෙනුවෙන් ක්‍රියාත්මක අමත්‍යාංශය නියෝග කර තිබේ. ඒ, මීට මාස කීපයකට පෙරය.
එම නියෝගය පැහැර හැර, රැවුල වැවීමට අපොහොසත් වුණු ආරක්ෂක අංශ සාමාජිකයන් ආරක්ෂක අංශවලින් නෙරපා දැමීමටත්, ඔවුන්ට ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබා දීමත් සිදුවිය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපිට සද්දේ දාන "මානව හිමිකම්" .