
රුවන්ඩා ජනාධිපති පෝල් කගානේ සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති ෆීලික්ස් සෙයිසෙකේඩී , ඇමෙරිකාවට ගොස් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවූහ.
අප්‍රිකා රාජ්‍යයන් වන රුවන්ඩාව සහ කොංගෝව අතරේ 2022 වසරේ සිට පවතින යුද ගැටුම් නැවැත්වීමට ට්‍රම්ප් සාම සැලැස්මක් සකස් කර ඇත. එම සාම සැලැස්මට රුවන්ඩා ජනාධිපති පෝල් කගානේ සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති ෆීලික්ස් සෙයිසෙකේඩී කැමැත්ත පළ කළේ පසුගිය ජූනි මාසයේදීය. සාම සැලැස්මට නිල වශයෙන් අස්සන් කිරීම පෙරේදා (3) ධවල මන්දිරයේදී සිදුවිය.
කොංගෝ රජයට එරෙහිව සටන් වදින්නේ ‘එම්23’ කැරැලිකාර කණ්ඩායමය. මෙම කැරැලිකරුවන්ට රැවන්ඩා රජයේ සහාය, අනුග්‍රහය සහ අවි පුහුණව ලැබෙන බවට කොංගෝවය චෝදනා කරයි. දෙරට අතරේ ගැටුමට හේතුව මෙයයි.
කොංගෝ සහ රුවන්ඩා ජනාධිපතිවරුන් හවුල් කර ගනිමින් සාම ගිවිසුමට අස්සන් කිරීමෙන් පසු ට්‍රම්ප්, ජනාධිපතිවරුන් දෙදෙනා පිරිවරා ගනිමින්, මාධ්‍ය හමුවේ පැහැදිලි කිරීමක් ද කළේය. ‘අද හරිම සුවිශේෂී දවසක්. අප්‍රිකාවට මෙන්ම ලෝකයට ද වැදගත් දිනයක්. තවත් යුද්ධයක් නැවැත්වීමට මට හැකිවුණා ඒක සතුටක්’ යැයි ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අවධාරණය කළේය. සාම ගිවිසුමට මෙලෙස අස්සන් තැබීම සිදුවුවත්, ඊයේ (4) පවා නැගෙනහිර කොංගෝවේ අවි ගැටුම් සිදුවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
2009 දී කොංගෝ රාජ්‍යයේ, සාම ගිවිසුමක් ඇති කර ගැනීම සිදුවිය. ඒ වාර්ගීක ගැටුම් සම්බන්ධයෙනි. එම සාම ගිවිසුම ඇති කර ගැනීම සිදුවුයේ 2009 මාර්තු 23 වැනිදාය. එම සාම ගිවිසුමට අදාළ කොංදේසි කොංගෝ රජය විසින් උල්ලංඝනය කළේ යැයි කොංගෝ හමුදාව රජයට චෝදනා නගන්න වූ අතර කොංගෝ හමුදාවේ කැරැලිකාර කණ්ඩායම් එක් වී, ‘එම් 23’ සන්නද්ධ කණ්ඩායම පිහිටුවා ගැනුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd