IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රුව රැකගන්න මඩ වලෙන් බෙහෙතක්

වගුරුබිම් වල දිරාපත්වන ශාක කොටස් ආශ්‍රයෙන් සමේ නැවුම් බව සදාකාලිකවම ආරක්ෂා කර ගත හැකි බව කියන ආලේපන වර්ගයක් නිපදවීමට අයර්ලන්ත සමාගමක් සමත්ව තිබේ.

සමාගම් ආරංචි මාර්ග වලට අනුව මෙසේ ශාක කොටස් ආශ්‍රයෙන් ආලේපන නිපදවීමට ඔවුන් යොමුවී ඇත්තේ අයර්ලන්තයේ වගුරු බිමක තිබී හොඳින් සංරක්ෂණය වී තිබුණු මිනිස් මළසිරුරක් හමුවීමත් සමගය.

එම මළසිරුර කෙතරම් හොඳින් සංරක්ෂණය වී තිබී ඇත්දයත් බොහෝ දෙනා සිතා ඇත්තේ එම පුද්ගලයා ඉතා මෑතකදී වගුරේ ගිලී මිය යන්නට ඇති බවයි.

නමුත් මළ සිරුර ඇත්ත වශයෙන්ම වසර දස දහස් ගණනක් පැරණි යැයි පසුව කළ පරීක්ෂණ වලින් හෙළිව තිබේ.

සිරුර ඉතා හොඳින් සංරක්ෂණය වී තිබීමට හේතු සොයාබැලු කල්හි අනාවරණයව ඇත්තේ වගුරු බිමේ දිරාපත් වන ශාක කොටස් වල ඇති ඔක්සිහාරක සංයෝගයන් ඊට හේතුවී ඇති බවයි.

මේ කරුණු මුල් කරගෙන එම සංයෝගයන් ආශ්‍රයෙන් නිපදවූ ආලේපනයන් වෙළදපොලට හදුන්වාදීමට මෙම අයර්ලන්ත සමාගම කටයුතු කර තිබේ.ආලේපන නිපදවීම සදහා සියයට සියයක්ම යොදාගෙන ඇත්තේ වගුරු බිම් වල ස්වභාවිකවම දිරාපත් වන ශාක කොටස් යැයි ඔවුන් සහතික කරයි.

අයර්ලන්ත බසින් තරුණ බව හැගවෙන ‘ඔග්රා‘ යන නාමය මෙම ආලේපන වල වෙළද නාමය ලෙස භාවිතා කර ඇත.



අදහස් (0)

රුව රැකගන්න මඩ වලෙන් බෙහෙතක්

ගාමිණී - සිරි Monday, 04 August 2014 02:51 PM

අපේ ගම්වල ගොවියෝ වගේම මී හරක් ඉන්නේ මඩේමනේ. බලන්න එපායැ මී දෙනුන්ගේ,මීහරකුන්ගේ රූප ස්වභාවයේ පෙනුම විතරක් (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 04 August 2014 09:09 AM

ඔය කතාවම අපේ ආච්චිලා සියල අපිට කුඩා කාලේ කියල දුන්න , උඹලට ලස්සන වෙන්න ඕනනම් මද වතුර නාපල්ලා කියල . අපි හිතුවෙම විහිලුවට කිව කියලනේ බලපුවම අපේ පැරැන්නෝ දෙයක් කියන්නේ යමක් දැනගෙන නේද ? (දී)

:       0       0

ගුණසිරි Sunday, 03 August 2014 03:00 PM

මමනම් අජරාමර වෙනවා කියුවත් මේ ජරාවැඩේ කරන්නේ නැහැ (දී)

:       0       0

ගාමින්ද Sunday, 03 August 2014 03:00 PM

ලස්සන වෙනවානම් ඕන ජරාවක් (දී)

:       0       0

සත්‍යපාල Monday, 04 August 2014 11:11 AM

ඉතින් අපේ දේශපාලකයන් මඩ නාන තරමට කොච්චර ලස්සන වෙන්න එපාද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site