IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


රයිනෝ සතුන් දඩයම් කිරීම වැළැක්වීමට අං කපා දමයි


දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ සෆාරි උද්‍යාන තුනක  රයිනෝසිරස් සතුන් දුසිම් ගනනකගේ අං කපා ඉවත් කළ බව උද්‍යාන පාලකයෝ පවසති.

කොවිඩ් - 19 ව්‍යාප්ත වීම හේතුවෙන් සංචාරකයන් නොපැමිණීම ප්‍රයෝජනයට ගනිමින් ආයුධ සන්නද්ධ දඩයම්කරුවන් විසින් අං ලබාගැනීම සඳහා සතුන් මරා දැමීම සිදුකරන හෙයින් ඒය වැළැක්වීමට මෙම පියවර ගෙන තිබේ. 

විශේෂඥයින් පවසන්නේ සංචාරකයින් නොමැති වීම හේතුවෙන් දඩයම්කරුවන්ගේ ක්‍රියාකාරකම් වැඩිවී ඇති බවට, මියගිය සතුන්ගේ සිරුරු සාක්ෂි දරන බවයි. 

ජොහැන්ස්බර්ග් හි වයඹ දෙසින් පිහිටි පිලාන්ස්බර්ග් ජාතික වනෝද්‍යානයේ ද මාෆිකෙන්ග් සහ බොට්සලානෝ සෆාරි රක්ෂිතවල ද රයිනෝ සතුන් බොහොමයකගේ අං මෙලෙස ඉවත් කර තිබේ.

විදුලි කියතකින් අං ඉවත් කරන බවත් ඊට පෙර ගැහැණු සතුන් සහ පැටවුන් නොසන්සුන් වීම වැළැක්වීම සඳහා ඉවතට ගෙනයන බවත් සත්ත්ව සංරක්ෂකයෝ පවසති.

වසර මිලියන 30ක පමණ කාලයක සිට රයිනෝ පෘථිවියේ ජීවත් වෙයි. 

දිගින් දිගටම මිනිසුන් විසින් දඩයම් කිරීම හේතුවෙන් අද වනවිට ඔවුන්ගේ සංඛ්‍යාව 27,000ක් දක්වා අඩුවී ඇත.

පසුගිය වසර තුන තුළ දහස් ගනනක් රයිනෝ සතුන් අං ලබා ගැනීම සඳහා මරා දමා තිබෙන බව සංරක්ෂකයෝ පවසති.

රයිනෝ අං කොකේන් හෝ රත්‍රන් වලට වඩා වටිනාකමකින් යුක්තය.

මේවා දකුණු ආසියානු රටවල ඖෂධ නිපදවීම සඳහා යොදාගන්නා නමුත් විශේෂඥයින් පවසන්නේ මිනිස් නියපොතු වල ඇත්තේ ද රයිනෝ අං වල අඩංගු සංඝටකම බවයි.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (5)

රයිනෝ සතුන් දඩයම් කිරීම වැළැක්වීමට අං කපා දමයි

chandima Friday, 05 June 2020 06:40 PM

මේක දැකල අපේ රටෙත් දල ඇතුන් මරණ එක වලක්වන්න ඇතුන්ගේ දල පණපිටින් ඉන්දැද්දීම කපල ඉවත්කරගනිවිද?

:       1       10

Siva Saturday, 06 June 2020 02:15 AM

පුදුම මොළයක්නෙ..ලංකාවෙන් උපදේශකයො ටිකක්වත් ගෙන්නගෙනද කියලත් හිතෙනවා.. ඕක බලල අපේ අයත් ඉන්න ඇත්තු ටිකගෙ දළ ටික කපාගනියි පුලුවන් නම්.

:       1       14

විජිත් Saturday, 06 June 2020 07:49 AM

අවුරුදු මිලියන ගණනක සිට මේ ලොව ජිවත්වන රයිනොලාට ඒ නම ලැබුනේ ග්‍රීක භාෂාවෙන් ' නාසය' හෝ' අඟ' ට ග්‍රීක් භාෂාවෙන් යොදන පදයෙන් බිඳී ඇවිල්ලා. ඒ ගොල්ලන්ගේ ඇති අං ප්‍රමාණය අනුව කොටස් දෙකකට බෙදනවා. ඉන්දියානු සහ ජාවා වල ජිවත්වන අයට අං එක බැගින් ඇති අතර අප්‍රිකානු සහ සුමාත්‍රා විශේෂ වලට අං දෙක බැගින් ඇත. මිනිසුන් අතර පැතිරී ඇති බොරු ඇදහිලි නිසා මේ අහිංසක නමුත් ශක්තිමත් සත්වයාගේ අං වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම චීන ජාතිකයින්ගේ යම් යම් බෙහෙත් වර්ග සැදීමටත් ඔවුන් රයිනෝ අං යොදාගන්නවාලු. අපේ හිසකෙස්, නියපොතු ආදිය සැදී තිබෙන කෙරටින් කියන ප්‍රෝටිනයෙන් සැදී ඇති මේ රයිනෝ අන්වල, තව ඇමයිනෝ අම්ල කිහිපයකුත්, මෙලනින්, සහ කැල්සියම් කාබනේට් අඩංගුවෙනවා. 2010 දී කල සමීක්ෂණයකදී සොයාගෙන තියෙනවා නීතිවිරෝධී කළු කඩ කාරයින් රයිනෝ අඟක කිලෝ එකක් ඩොලර් 50 000 කට විකුනනවා කියලා. රයිනෝ අන්වල ඇති රසායනිකයන්ගෙන් මිනිස් සිරුරට කිසිම බලපෑමක් කල නොහැකිබව විද්‍යාඥයින් විද්‍යාත්මකව පෙන්වා දුන්නත් .. ශාපලත් අඟක් නිසා මිහිතලයෙන් වදවියන මේ සතාගේ ජීවිතය බිලිගන්නේ කවුරුත් නොව මිනිසුන් අතරම සිටින අශිලාචාර " නොමිනිසා" යි..

:       2       114

Champa Saturday, 06 June 2020 10:23 AM

අහපු ගමන් අපොයි කියල හිතුනට අප්‍රිකානුවෝ නම් කියන්නේ රයිනෝ අං කැපීම නියපොතු කැපීම හා සමානයි කියල. ඒ මොකොද අං නැවත වැඩෙන නිසා. නමුත් අං කැපුවත් රයිනෝ දඩයම් කිරීම නැවතීමේ ලොකු අඩුවක් නැහැ. හැබැයි ලංකාවේ කවුරු හරි හිතනවා නම් ඇතුන්ගේ දළ කැපීමෙනුත් දඩයම් නවතියි කියල ඒක වැරදියි. ඒ මොකොද කිව්වා නම් දළ කැපුවට පස්සේ එතන තුවාලය ආසාදනය වීමෙන් ඇතා මැරෙන නිසා. අලුත්ම සොයා ගැනීම් අනුව ආසියානු ඇතුන් දැන් පරිණාමය වෙමින් පවතිනවා දළ නැතුව උපදින්න. අලුතින් උපදින ආසියානු ඇතින්නියන් බොහොමයකට දැන් දළ නැහැ හෝ තිබුනත් කුඩා දළ පමණයි.

:       6       3

රවින් Sunday, 07 June 2020 08:44 AM

එම සත්ව වර්ගයේ පැවැත්ම උදෙසා ඔවුනට අං ලැබී ඇතිමුත්, ඒවා සම්පූර්ණයෙන් ඉවත් කිරීම සුදුසු නොවේ. බොහෝදුරට අං ලැබී ඇත්තේ පූර්ණ මාංශ භක්ෂක සතුන්ගේ ගණයට අයත් සිංහයින්, ව්‍යාග්‍රයින් වැනි සතුන් ආරක්ෂා වීමට වියහැක. වන උද්‍යානයක් වුවත් මාංශ භාක්ෂික සතුනුත් එහි ජීවත්වන හෙයින් රයිනෝ සතුන්ගේ ස්වාභවික ආරක්ෂණ ක්‍රමවේදයක් කෘතීම ලෙස වනසා දැමීමෙන් අනිසි ප්‍රතිඵල අත්නොවේද? රයිනෝ අං භාවිතයට ගන්නා භාවිතා කරන්නන් දැනුවත් කර ඔවුනට වෛකල්පිත ක්‍රමවේදයන් හඳුන්වා දීම වඩාත් සුදුසු නොවේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site