දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ සෆාරි උද්‍යාන තුනක රයිනෝසිරස් සතුන් දුසිම් ගනනකගේ අං කපා ඉවත් කළ බව උද්‍යාන පාලකයෝ පවසති.
කොවිඩ් - 19 ව්‍යාප්ත වීම හේතුවෙන් සංචාරකයන් නොපැමිණීම ප්‍රයෝජනයට ගනිමින් ආයුධ සන්නද්ධ දඩයම්කරුවන් විසින් අං ලබාගැනීම සඳහා සතුන් මරා දැමීම සිදුකරන හෙයින් ඒය වැළැක්වීමට මෙම පියවර ගෙන තිබේ.
විශේෂඥයින් පවසන්නේ සංචාරකයින් නොමැති වීම හේතුවෙන් දඩයම්කරුවන්ගේ ක්‍රියාකාරකම් වැඩිවී ඇති බවට, මියගිය සතුන්ගේ සිරුරු සාක්ෂි දරන බවයි.
ජොහැන්ස්බර්ග් හි වයඹ දෙසින් පිහිටි පිලාන්ස්බර්ග් ජාතික වනෝද්‍යානයේ ද මාෆිකෙන්ග් සහ බොට්සලානෝ සෆාරි රක්ෂිතවල ද රයිනෝ සතුන් බොහොමයකගේ අං මෙලෙස ඉවත් කර තිබේ.
විදුලි කියතකින් අං ඉවත් කරන බවත් ඊට පෙර ගැහැණු සතුන් සහ පැටවුන් නොසන්සුන් වීම වැළැක්වීම සඳහා ඉවතට ගෙනයන බවත් සත්ත්ව සංරක්ෂකයෝ පවසති.
වසර මිලියන 30ක පමණ කාලයක සිට රයිනෝ පෘථිවියේ ජීවත් වෙයි.
දිගින් දිගටම මිනිසුන් විසින් දඩයම් කිරීම හේතුවෙන් අද වනවිට ඔවුන්ගේ සංඛ්‍යාව 27,000ක් දක්වා අඩුවී ඇත.
පසුගිය වසර තුන තුළ දහස් ගනනක් රයිනෝ සතුන් අං ලබා ගැනීම සඳහා මරා දමා තිබෙන බව සංරක්ෂකයෝ පවසති.
රයිනෝ අං කොකේන් හෝ රත්‍රන් වලට වඩා වටිනාකමකින් යුක්තය.
මේවා දකුණු ආසියානු රටවල ඖෂධ නිපදවීම සඳහා යොදාගන්නා නමුත් විශේෂඥයින් පවසන්නේ මිනිස් නියපොතු වල ඇත්තේ ද රයිනෝ අං වල අඩංගු සංඝටකම බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැකල අපේ රටෙත් දල ඇතුන් මරණ එක වලක්වන්න ඇතුන්ගේ දල පණපිටින් ඉන්දැද්දීම කපල ඉවත්කරගනිවිද?
පුදුම මොළයක්නෙ..ලංකාවෙන් උපදේශකයො ටිකක්වත් ගෙන්නගෙනද කියලත් හිතෙනවා.. ඕක බලල අපේ අයත් ඉන්න ඇත්තු ටිකගෙ දළ ටික කපාගනියි පුලුවන් නම්.
අවුරුදු මිලියන ගණනක සිට මේ ලොව ජිවත්වන රයිනොලාට ඒ නම ලැබුනේ ග්‍රීක භාෂාවෙන් ' නාසය' හෝ' අඟ' ට ග්‍රීක් භාෂාවෙන් යොදන පදයෙන් බිඳී ඇවිල්ලා. ඒ ගොල්ලන්ගේ ඇති අං ප්‍රමාණය අනුව කොටස් දෙකකට බෙදනවා. ඉන්දියානු සහ ජාවා වල ජිවත්වන අයට අං එක බැගින් ඇති අතර අප්‍රිකානු සහ සුමාත්‍රා විශේෂ වලට අං දෙක බැගින් ඇත. මිනිසුන් අතර පැතිරී ඇති බොරු ඇදහිලි නිසා මේ අහිංසක නමුත් ශක්තිමත් සත්වයාගේ අං වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම චීන ජාතිකයින්ගේ යම් යම් බෙහෙත් වර්ග සැදීමටත් ඔවුන් රයිනෝ අං යොදාගන්නවාලු. අපේ හිසකෙස්, නියපොතු ආදිය සැදී තිබෙන කෙරටින් කියන ප්‍රෝටිනයෙන් සැදී ඇති මේ රයිනෝ අන්වල, තව ඇමයිනෝ අම්ල කිහිපයකුත්, මෙලනින්, සහ කැල්සියම් කාබනේට් අඩංගුවෙනවා. 2010 දී කල සමීක්ෂණයකදී සොයාගෙන තියෙනවා නීතිවිරෝධී කළු කඩ කාරයින් රයිනෝ අඟක කිලෝ එකක් ඩොලර් 50 000 කට විකුනනවා කියලා. රයිනෝ අන්වල ඇති රසායනිකයන්ගෙන් මිනිස් සිරුරට කිසිම බලපෑමක් කල නොහැකිබව විද්‍යාඥයින් විද්‍යාත්මකව පෙන්වා දුන්නත් .. ශාපලත් අඟක් නිසා මිහිතලයෙන් වදවියන මේ සතාගේ ජීවිතය බිලිගන්නේ කවුරුත් නොව මිනිසුන් අතරම සිටින අශිලාචාර " නොමිනිසා" යි..
අහපු ගමන් අපොයි කියල හිතුනට අප්‍රිකානුවෝ නම් කියන්නේ රයිනෝ අං කැපීම නියපොතු කැපීම හා සමානයි කියල. ඒ මොකොද අං නැවත වැඩෙන නිසා. නමුත් අං කැපුවත් රයිනෝ දඩයම් කිරීම නැවතීමේ ලොකු අඩුවක් නැහැ. හැබැයි ලංකාවේ කවුරු හරි හිතනවා නම් ඇතුන්ගේ දළ කැපීමෙනුත් දඩයම් නවතියි කියල ඒක වැරදියි. ඒ මොකොද කිව්වා නම් දළ කැපුවට පස්සේ එතන තුවාලය ආසාදනය වීමෙන් ඇතා මැරෙන නිසා. අලුත්ම සොයා ගැනීම් අනුව ආසියානු ඇතුන් දැන් පරිණාමය වෙමින් පවතිනවා දළ නැතුව උපදින්න. අලුතින් උපදින ආසියානු ඇතින්නියන් බොහොමයකට දැන් දළ නැහැ හෝ තිබුනත් කුඩා දළ පමණයි.
එම සත්ව වර්ගයේ පැවැත්ම උදෙසා ඔවුනට අං ලැබී ඇතිමුත්, ඒවා සම්පූර්ණයෙන් ඉවත් කිරීම සුදුසු නොවේ. බොහෝදුරට අං ලැබී ඇත්තේ පූර්ණ මාංශ භක්ෂක සතුන්ගේ ගණයට අයත් සිංහයින්, ව්‍යාග්‍රයින් වැනි සතුන් ආරක්ෂා වීමට වියහැක. වන උද්‍යානයක් වුවත් මාංශ භාක්ෂික සතුනුත් එහි ජීවත්වන හෙයින් රයිනෝ සතුන්ගේ ස්වාභවික ආරක්ෂණ ක්‍රමවේදයක් කෘතීම ලෙස වනසා දැමීමෙන් අනිසි ප්‍රතිඵල අත්නොවේද? රයිනෝ අං භාවිතයට ගන්නා භාවිතා කරන්නන් දැනුවත් කර ඔවුනට වෛකල්පිත ක්‍රමවේදයන් හඳුන්වා දීම වඩාත් සුදුසු නොවේද?