(රොයිටර් ඇසුරිණි-055)
 
බෙල්ජියමේ ඇන්ට්වර්ප්හිදී ජනාකීර්ණ වීදියක් තුළ වේගයෙන් මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයකු එරට වේලාවෙන් ඊයේ (23) සවස 5.00ට පමණ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. 
 
මධ්‍යම ලන්ඩනයේ වීදියක් තුළ වේගයෙන් මෝටර් රථයක් ධාවනය කරමින් මග දෙපස සිටි පිරිස්වලට වෙඩි තබමින් පොලිස් නිලධාරියකුට ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමට දිනකට පසු මෙම සිදුවීම වාර්තා විය. 
 
මෙම සිදුවීමෙන් කිසිවකුටත් තුවාල සිදු ව නැත.අත්අඩංගුවට ගත් පුද්ගලයා උතුරු අප්‍රිකා සම්භවයක් සහිත ප්‍රංශ ජාතික මොහොමඞ් නැමැත්තකු බව වාර්තා විය. 
 
අත්අඩංගුවට පත් පුද්ගලයාගේ මෝටර් රථය තුළ තිබී පිහියක් සහ හඳුනා නොගත් ද්‍රව්‍ය සහිත කැනිස්ටරයක් සොයාගෙන ඇති අතර එහි තිබෙන ද්‍රව්‍ය හඳුනාගෙන නැතැයි ද බෙල්ජියම් පොලිසිය පවසයි.
බෝම්බ නිශ්ක්‍රීය අංශය කැඳවා ඇතැයි ද පොලිසිය කියයි.