
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්, නව රෝමානු කතෝලික කාදිනල්වරුන් 21 දෙනකු පත් කරන බව වතිකානය නිවේදනය කර තිබේ.
එම කාදිනල්වරුන් 21 දෙනා අතරට මොංගෝලියාවෙන් ද එක් කාදිනල්වරයෙක සිටින බව පැවැසෙයි. නව කදිනල්වරුන් ලෙස පත්වෙන බොහොමයක් සංවර්ධනය වෙමින් පවතින රටවල පියතුමන් ලා බව වතිකානය පවසා ඇත.
එයින් කාදිනල්වරු 16 දෙනෙකු වයස අවුරුදු 80ට අඩු අය වන අතර, 11 දෙනෙක් යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවෙන් පිටත රටවල පියතුමන්ලා වෙති.
ඔවුන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථවීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරාපත්කර ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇත.
කාදිනල් තනතුර දෙවැනි වෙන්නේ පාප් වහන්සේට පමණි. කාදිනල් තනතුරට පත්වන පියතුමන්ලා පාප් වහන්සේගේ උපදේශකයන් ලෙස කටයුතු කරන බව පැවැසෙයි.
එලැඹෙන අගෝස්තු 27 වතිකානුවේ පැවැත්වෙන උත්සවයකදී ඔවුන් නව තනතුරට උසස් කරනු ලැබේ. ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ නිල කාලයේදී පත්වූ කදිනල්වරුන් 132 ගෙන් 82 දෙනකු ෆ්‍රැන්සිස් පාප්තුමන් පත් කර ඇතැයි පැවැසෙයි.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා)
2025 නොවැම්බර් මස 04
533
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1688
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රෝමානු කතෝලික කාදිනල්වරුන් 21ක්
hira Monday, 30 May 2022 01:13 PM
අනේ පුළුවන්නම් අපිට තව එක්කෙනෙක් පත්කරමුකෝ...
DerricMonday, 30 May 2022 02:53 PM
ඔව්... එහෙම කළා නම් අනිත් මන්ත්‍රීලගේ ගෙවල් ටිකත් ගිනිතියලා..., තව ගෝ ගම් ටිකක් දාන්න තිබුණා...