IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රෝම සිමෙන්ති යකඩ වගේ

නූතනයේ මිනිසා තනන ගොඩනැගිලි වසර සියගණනකින් ගරා වැටෙද්දී අතීත රෝම අධිරාජ්‍යයට අයත් කොලෝසියම වැනි ගොඩනැගිලි වසර දහස් ගණනක් පැරණිවුවද අදටත් නොනැසී පවතින්නේ ඇයිදැයි සොයාබලා ඇති ඇමරිකා පර්යේෂක පිරිසක් රහස ඇත්තේ රෝම ජාතිකයින් භාවිතා කළ සිමෙන්ති බදාමයේ බව අනාවරණය කරගෙන තිබේ.

රෝම ජාතිකයින් බදාම තනන්න්ට යොදාගෙන තිබෙන්නේ ගිනි කදු පිපිරීම් වලින් ඉතිරිවන අළු, ජලය හා හුණු මිශ්‍රණයකි.

මේ අළු වල පුළිගු වැනි දේ ඇති බවත් ඒවා බදාමය සවිවූ පසු අමතර ශක්තියක් සපයනවා සේම පැලූම් ආදිය පැතිරයාමද වළක්වන බවත් සොයාගැනීමට හැකිවූ බව පර්යේෂක පිරිස කියති.

රෝමානුවන්ගේ බදාම තැනීමේ කලාව වර්තමානයේ අප යොදාගන්නා තාක්ෂණයට වඩා පරිසර හිතකාමී බවද සඳහන්ය.

මේ තොරතුරු යොදාගෙන දැන් පර්යේෂක පිරිස සැරසෙන්නේ රෝම යුගයේ බදාම මෙකල නිර්මානය කිරීමටය.සාර්ථක වුවහොත් කාලාන්තරයක් පවතින ගොඩනැගිලි ඉදිකිරීමට හැකිවනවා සේම පරිසරයද ආරක්ෂා කරගත හැකිවනු ඇති බව ඔවුහු කියති.

241ECF9F00000578-2877547-image-a-13_1418825446131 241ECF8600000578-2877547-image-a-10_1418825400924 241EE7E700000578-2877547-image-a-16_1418825475555



අදහස් (0)

රෝම සිමෙන්ති යකඩ වගේ

තරිදු Saturday, 20 December 2014 09:45 AM

ඒ ක්‍රමය හොයා ගත්තානම් හොදයිනේ.(හේ)

:       0       0

මාලි Thursday, 18 December 2014 12:23 PM

පිස්සු කෝවිද පුලිගුයි පලිගුයි අතර වෙනසවත් දන්නේ නැද්ද (නදී)

:       0       0

කුමාර් Saturday, 20 December 2014 11:22 AM

කමල්, සීගිරියේ බදාම බලන්න උඩට යන්න ඕනා නෑ, යන්න කැටපත් පවුරට, එහි දමා ඇති ඔපය සහිත බදාමයට සමාන බදාමයක් ලෝකේ කොහෙවත් නෑ. බොහෝ නටඹුන් වෙලා තියෙන්නේ කාලයාගේ අැවෑමෙන් නොව ආක්‍රමණ වල ප්‍රතිපල නිසා බව කරුණාවන් ඉගෙනගන්න. (නදී)

:       0       0

කමල් Friday, 19 December 2014 08:13 AM

කුමාර්, අපේ දේ අපිට වටිනවා තමයි ඒකට ඉතින් බොරු කියලා හරියන්නේ නැහැනේ. සීගිරියට ගිහිල්ලා නැද්ද? සීගිරි මුදුනේ තියෙන්නේ නටඹුන් විතරයි. සීගිරියේ බදාම රෝම ගොඩනැගිලි වල බදාම වලට වඩා තාක්ෂණයෙන් ඉහළ නමි රේම ගොඩනැගිලි තවම පවතින්නයි, සීගිරි ගොඩනැගිලි නටඹුන් වෙන්නයි විදිගක් නැහැනේ.(හේ)

:       0       0

කුමාර් Thursday, 18 December 2014 05:00 PM

හලෝ සීගිරියේ බදාම ඔයිට වඩා තාක්ෂණයෙන් ඉහළයි. එතකොට පැරණි ලංකාවේ "ග්‍රැනයිට් පාෂාණ" බද්ධ කරන බදාමය තාම කවුරුවත් හොයාගෙන නෑ, ඒක හරියටම ගලේ ස්වභාවයටම ගැලපෙනවා. (නදී)

:       0       0

චතූ Sunday, 21 December 2014 03:11 AM

කමල්, සීගිරිය හදල තියෙන්නෙ කොලෝසියම හදපු දවසෙම නෙමෙයි. ඊට කලින්. මොනව උනත් සීගිරියෙ බදාමත් වටිනවා. රෝමෙ බදාමත් වටිනවා. ගුනමකුවන් (ගුනය මකන්නන්) නොවී මොන ජාතියක කෙනෙක් උනත් කරපු හොද දේ හොදයි කියන්න පුරුදු වෙමු. (නදී)

:       0       0

අශෝක Saturday, 20 December 2014 06:20 AM

ඒ කාලේ තිබ්බ තාක්ෂණයට තාමත් අභියෝග කරන්න බෑ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site