IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රෝම වැසිකිළියත් විස්මිතයි

ඊසාන දිග එංගලන්තයේ පිහිටි නොදම්බර්ලන්ඩ් රෝම බලකොටුවේ හැඩ්‍රියන්ස් වෝල් නම් ස්ථානයක තිබී වසර 2000ක් පමණ පැරණි දැවමය වැසිකිළි ආසනයක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයන් පිරිසක් සමත්ව සිටිති. ඔවුන් පවසන්නේ මෙය සම්පූර්ණයෙන් ම සුරක්ෂිතව තිබූ බවයි.

එතැන කැණීම් සිදුකරද්දී රෝම හමුදාව භාවිතා කළායැයි සිතිය හැකි රන් හා රිදී කාසි කිහිපක් ද හමුවී ඇත. තවත් මෙවළම් කිහිපයක් ද හමුවී ඇත.

මේ වැසිකිළි ආසනය මඩ ගොහොරු සහිත කාණුවක තිබී හමුවූ බවත් ඒ කාණුව මුළුමනින්ම කැළි කසළ වලින් පිරී තිබුණු බවත් පුරාවිද්‍යාඥයෝ කියති. කැණීම් කණ්ඩායමේ ප්‍රධානියා අාචාර්ය ඇන්ඩෘෘ බර්ලි මෙසේ කියයි.

‘‘අප පසුගිය කාලයේ සිදුකළ කැණීම්වලින් රෝමානු වැසිකිළි සම්බන්ධව තොරතුරු රැසක් සොයාගෙන තිබෙනවා. ඒ අතර ගල් හා මාබල්වලින් සෑදූ වැසිකිළි ආසනත් තිබෙනවා. එසේ වුවත් මෙවැනි දැවමය වැසිකිළි ආසනයක් දක්නට ලැබුණු මුල්ම අවස්ථාව මෙයයි.“

ආචාර්ය බර්ලි පවසන්නේ එය ඉතා සැපපහසු වැසිකිළි ආසනයක් බවයි. එසේ ම එය විශිෂ්ඨ නිර්මාණයක් බවත් ඔහු පවසයි. වැසිකිළි ආසනය සොයාගත්ත ද මෙතෙක් වැසිකිළිය හමු නොවූ බැවින් ඒ වැසිකිළිය සොයා ගැනීමට කැණීම් සිදුකරන බව ද හෙතෙම වැඩිදුරටත් කියා ඇත. පුරාවිද්‍යාඥයන් පවසන්නේ රෝමානුවන්ගේ වැසිකිළි පද්ධතිවල ද විශ්මයජනක මෙවලම් තිබෙන බවයි. _77197623_toilet_seat



අදහස් (0)

රෝම වැසිකිළියත් විස්මිතයි

සේරුවාවිල Thursday, 28 August 2014 11:17 AM

අනේ බලන්න ඕකෙන්වත් දෙමල නිජබිමක් හොයාගන්න පුලුවන්ද කියලා... තමිල්නාඩුවේ අයගෙන් අපට කනක් ඇහිලා ඉන්න..(අ)

:       0       0

කෝලිත Friday, 29 August 2014 06:46 AM

හරි ලොකු වැඩක් මේක නම් (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 29 August 2014 09:41 AM

ඔයිට වඩා විස්මිත පැරණි කළුගල් වැසිකිලි දෙකක් අන්න තියෙනවා කළු දිය පොකුණ ළඟ. අපේ රහතන් වහන්සේලා පාවිච්චි කරපු (නදී)

:       0       0

හේවාවිතාරණ Thursday, 28 August 2014 08:23 PM

මීටත් වඩා පැරණි වැසිකිළි නටඹුන් අපේ ලංකාවේ මේ මෑතකදී සොයාගත්තා නේද? (නි)

:       0       0

කසුන් ධර්මවංශ Thursday, 28 August 2014 08:45 PM

සේරුවවිලගේ කතාවනම් ඇත්ත. හැබැයි ඕක තමිල්නාඩුවේ අයට විතරක් නෙවෙයි අපේ රටේ යාපනේ සමහර දමිල ජාතිකයන් අතර තාමත් තියෙනවා. යාපනේ බොහොමයක් දමිල පාසල් වල සිගිරිය නිර්මාණය කල රජුගේ නම විදියට උගන්වන්නේ කාශ්‍යප රජු කියල නෙමෙයි කාස අප්පා කියල. එහෙම කරන්නේ මෙය අතීතයේ පටන් දමිල නිජබිමක් යන මතය ඔවුන්ගේ නුතන ළමා පරපුර තුල ඇතිකරවිමටයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site