IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රොබෝවා තවත් ජීවමාන කරයි

කිසියම් පුද්ගලයෙකුගේ පෞරුෂය රොබෝවෙකුගෙන් ප‍්‍රතිනිර්මාණය කළ හැකි ක‍්‍රමයක් සම්බන්ධයෙන් ගූගල් සමාගම මේ දිනවල පර්යේෂණ කරමින් සිටී.

පුද්ගලයෙකුගේ පෞරුෂය දත්ත වලට හරවා එම දත්ත රොබෝවාට කැවීමෙන් රොබෝවා අදාළ පුද්ගලයා ලෙස හැසිරීම,ආකල්ප දැරීම,කතාබස් කිරීම ආදියට සමර්ථකම් දක්වන තත්ත්වයට පත්කිරීමට ගූගල් සමාගමේ උත්සාහයයි.

සමාගම පුද්ගලයෙකුගේ පෞරුෂය කෙබදු වේදැයි සොයාබැලීමට සැරසෙන්නේ ඔහු හෝ ඇය අන්තර්ජාලයේ හැසිරෙන අයුරු මත පිහිටාය. මෙය උදාහරණයක් රැගෙන පැහැදිලි කළහොත්,කිසියම් පුද්ගලයෙකු මිතුරන් රැසක් තම සමාජ වෙබ් අඩවි ගිණුම් වල එක්කරගෙන සිටී නම්,එම මිතුරන් හා හොද සම්බන්ධතාවක් පවත්වාගන්නේ නම් එම පුද්ගලයා සමාජශීලී,සුහද,නිදහස් අදහස් ඇති පුද්ගලයෙකු ලෙස වර්ග කෙරෙන අතර අනතුරුව ඔහුට සමානව රෙබෝවෙකු නිපදවෙන විට එම රොබෝවාට අන්තර්ගත කෙරෙනුයේ මිත‍්‍රශීලී පුද්ගලයෙකු හැසිරෙන ආකාරය ප‍්‍රතිනිර්මාණය කළ හැකි දත්තයන්ය.එසේ ඇතුලත් කරන දත්තයන්ට අනුව අදාළ පුද්ගලයා හා සමානව රොබෝවාද මිත‍්‍රශීලීව,තම රොබෝ මුහුණින් හැකි පමණ මිත‍්‍රශීලී හැගීම් පෙන්වමින් හැසිරෙනු ඇත.

හැසිරීම ආදේශ කිරීමෙන් පමණක් කෙනෙකුගේ පෞරුෂය රොබෝවෙකුගෙන් ප‍්‍රතිනිර්මාණය කළ නොහැකි බව ගූගල් සමාගමද පිළිගෙන තිබේ.එසේවුවත් පුද්ගලයෙකු අන්තර්ජාලයේ හැසිරෙන්නේ කෙසේද, එම තොරතුරු වැඩිදුර විශ්ලේෂණය කිරීමෙන් ඔහුගේ හෝ ඇයගේ පෞරුෂය සැළකිය යුතු මට්ටමකට ප‍්‍රතිනිර්මාණය කළ හැකි බව සමාගමේ අදහසයි.

මෙසේ දත්ත කැවිය හැකි රොබෝවෙකුද මේ වන ටි නිර්මාණය කර ඇති අතර ඇට්ලස් නමින් හැදින්වෙන හේ අඩි 6 ක් පමණ උසය.

මෙවන් තාක්ෂණයකින් ඇති ප‍්‍රයෝජනය කෙබදු වනු ඇතිදැයි පැහැදිලි කිරීමක්ද සිදුකර ඇති ගූගල් සමාගමට අනුව කෙනෙකුගේ ආදරණීයයෙක් වියෝවුනු අවස්ථාවක ඔහු හෝ ඇය නැති අඩුව යම්තාක් දුරට හෝ මකාගැනීමට මෙසේ එම පුද්ගලයාගේ පෞරුෂය හා සමාන පෞරුෂයක් සතුකර දියහැකි රොබෝවෙකු උදවු කර ගත හැකිවනු ඇත.



අදහස් (0)

රොබෝවා තවත් ජීවමාන කරයි

දුමින්ද Monday, 06 April 2015 08:36 AM

ශීලාචාරකම නැති විද්‍යාවක් -නැත නියම දියුණුවක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site