IMG-LOGO

රොබට් මුලර් කොංග්‍රසය ඉදිරියේ පාපොච්චාරණයට සැරසෙයි

රුසියාව අවසන් වරට පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයට මැදිහත් වූයේ දැයි තමන් කරන ලද විමර්ශනය සම්බන්ධයෙන් කොංග්‍රසය ඉදිරියේ ප්‍රසිද්ධියේ පාපෝච්චාරණය කිරීමට හිටපු විශේෂ නීතීඥ රොබට් එස්. මුලර් එකඟතාව පළ කර ඇත.

 2016 වසරේ පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම රුසියාව මැදිහත් වූයේ චෝදනා එල්ල වූ අතර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ එෆ්.බී.අයී ආයතනයේ හිටපු ප්‍රධානියකු වන විශේෂ නීතිඥ රොබට් එස් මුලර් පත් කරන ලදි.

 ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම විමර්ශන කටයුතුවලට බාධා එල්ල කළ බවට ද චෝදනා එල්ල වූ අතර සිය පාපොච්චරණයේ දී ඔහු ඒ බව ද සඳහන් කිරීමට නියමිත යැයි වාර්තා වේ. 

රොබට් මුලර් රුසියාවේ මැදිහත් වීම් සම්බන්ධයෙන් මාස 22 ක් මුළුල්ලේ විමර්ශන පවත්වමින් ඇමෙරිකානු කොංග්‍රසයට වාර්තාවක් ද ඉදිරිපත් කළේය.

රොබට් මුලර් කොංග්‍රසය ඉදිරියේ ප්‍රසිද්ධ පාපොච්චාරණයක් කරන බව නිවේදනය කරන ලද්දේ ඇමෙරිකානු කොංග්‍රසයේ අධිකරණ සහ බුද්ධි කමිටුය. ඔහු එම කමිටු දෙක ඉදිරියේදී අදහස් දැක්වීමට නියමිත යැයි ද පැවසේ.

 “ඇමෙරිකාවේ ජනතාවට රොබට් මුලර් මහතාගෙන් මේ දේවල් අහන්න ලැබෙනවා. එය සතුටට කරුණක්. අපේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්වුණා. ඇමෙරිකාවේ ජනතාවට උත්තර ලැබෙන්න ඕනේ” යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ කතානායිකා නැන්සි පොලිසි පැවැසුවාය. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභිගයක් ගෙන ඒමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් 80 දෙනෙකු මේ වනවිටත් පියවර ගෙන ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාවේදී පොරොන්දු දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කර ඇති බවත් කොංග්‍රසයේ මූලිකත්වයෙන් කෙරෙන විමර්ශනවලට සහාය දීම ඔහු ප්‍රතික්ෂේප කළ බවත් ඩිමොක්‍රටික්වරුන්ගේ ප්‍රධාන චෝදනා වී තිබේ.

රොබට් මුලර් කොංග්‍රසය ඉදිරියේ කිරීමට නියමිත පාපොච්චාරණය ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික්වරුන් ගෙන ඒමට සූදානම් වන දෝෂාභියෝගයට මහජනතාවගේ සහයෝගය වැඩි කිරීමට හේතුවනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.

 රොබට් මුලර් අප්‍රේල් 18 වැනිදා සිය විමර්ශනයට අදාළව සකසන ලද වාර්තාව පිටු 448කින් සමන්විතය.

 
(වොෂින්ටන් පෝස්ට් සහ ඒ.එෆ්.පී. ඇසුරිනි) 

055



අදහස් (2)

රොබට් මුලර් කොංග්‍රසය ඉදිරියේ පාපොච්චාරණයට සැරසෙයි

රවින් Thursday, 27 June 2019 10:32 AM

එහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි.

:       0       1

රවින් Thursday, 27 June 2019 10:38 AM

ඉක්මනටම ගෙදර යැවුවොත් තමා හොඳ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1264 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 484 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 583 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site