IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


රොබෝ රෝවරයෙන් වාර්තාවක්

වෙනත් ග්‍රහලෝකයක් මත වැඩිම දුර ප්‍රමාණයක් ආවරණය කිරීමේ වාර්තාවට හිමිකම් කිීමට අඟහරු ගවේෂණයේ යෙදෙන නාසා ආයතනයේ ඔපර්ටියුනිටි රොබෝ රෝවරය පසුගියදා සමත්විය.

2004 වසරේ අඟහරු මතට යැවුණු ඔපර්ටියුනිටි රොබෝ රෝවරය අද දක්වාම කි්‍රයාකාරීව පවතින අතර එය මේ වන විට අගහරු මත ආවරණය කර ඇති දුර ප්‍රමාණය සැතපුම් 25 කි.එය එදා මෙදා තුර රොබෝ රෝවරයක් අන් ග්‍රහයෙකු මත ආවරණය කර ඇති වැඩිම දුර ප්‍රමාණයයි.

මෙයට පෙර මේ වාර්තාවට හිමිකම් කීවේ 1973 වසරේ සඳ මතට යැවුණු සෝවියට් සංගමයේ ලූනොකොඩ් 2 රොබෝ රෝවරයයි.කි්‍රයාකාරීව පැවැති මාස 4 ක කාලය ඇතුලත ලූනොකොඩ් 2 රෝවරය සද මත ආවරණය කළ දුර ප්‍රමාණය සැතපුම් 24 කි.

ඔපර්ටියුනිටි රෝවරයේ වාර්තාව සුවිශේෂ වන්නේ එය මේ තරම් කාලයක් කි්‍රයාකාරීව පවතිනු ඇතැයි නාසා විද්‍යාඥයින් පවා සිතා නොතිබීම නිසාය.ඔවුන් පවසන ආකාරයට රෝවරයේ මෙහෙයුම ලෙස සැළසුම් කර තිබී ඇත්තේ අගහරු මත සැතපුමක තරම් කුඩා දුරක් තරණය කිරීමය.

විද්‍යාඥයින්ගේ මතයන් බිද හෙළමින් ඔපර්ටියුනිටි රෝවරය තවමත් කි්‍රයාකාරීව පවතී.

එයින් දැනටත් අඟහරු ග්‍රහයා සම්බන්ධ තොරතුරු පෘථීවියට ලැබේ.වසර ගණනාවක් පුරා එය අගහරු ග්‍රහයාගේ ‘එන්ඩේවර්‘ නම් ආවාටය ආසන්නයෙන් ගමන් කරමින් පෘථීවියට තොරතුරු සැපැයූ අතර දැන් එය ග්‍රහයාගේ විශේෂ ස්ථානයක් වන ‘අඟහරු නිම්නය‘ කරා ළගා වෙමින් සිටී.

ඔපර්ටියුනිටි මුලින්ම ගොඩබැසි ස්ථානයෙන් ලබාගත් තොරතුරු වලට අනුව අඟහරු මත ආම්ලික ජලය පැවැති පරිසර පද්දතියක් තිබී ඇතැයි අනාවරණය වුනි.

නමුත් එය විද්‍යාඥයින්ගේ අපේක්ෂිත ඉල්ක්කය බිද දමමින් මේ යමින් සිටින ගමනේදී හෙළිවී ඇති තොරතුරු වලට අනුව අඟහරු මත සිතා සිටියාට වඩා අඩු ආම්ලික මට්ටමකින් යුතු ජලය පැවැති පරිසර පද්දතීන්ද තිබී ඇති බවට සාක්ෂි හමුව තිබේ.

අඟහරු මත නාසා ආයතනයටම අයත් තවත් රොබෝ රෝවරයක් වන කියුරියෝසිටිද ක්‍රියාකාරීව පවතී.

2012 වසරේදී අඟහරු මතට යැවුණු එය මේ වන විට ආවරණය කර ඇති දුර ප්‍රමාණය සැතපුම් 6 කට ආසන්නය.



අදහස් (0)

රොබෝ රෝවරයෙන් වාර්තාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 352 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2154 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site