ප්‍රංශයේ ඔලිම්පික් පදක්කම් ලාභීන් දෙදෙනකු ඇතුළු 10 දෙනකු ආජන්ටිනාවේ වයඹ දිග කඳුකර පෙදෙසක දී හෙලිකොප්ටර් යානා දෙකක් ගැටී මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් රූපවාහිනී වැඩසටහනක පටිගතකිරිම් සඳහා සහභාගී වෙමින් සිටිය දී මේ අනතුර සිදුව ඇත. බාධක ජයගනිමින් දිවි ගලවා ගැනීම සම්බන්ධයෙන් මේ වැඩසටහන් නිෂ්පාදනය කැර ඇත.
ඔලිම්පික් පිහිනුම් රන් පදක්කම් ලාභිනී කැමිලි මුෆර්ට් (25) සහ ඔලිම්පික් බොක්සින් ලෝකඩ පදක්කම් ලාභී ඇලෙක්සිස් වාස්ටයින් (28) මෙලෙස මරුමුවට පත්ව ඇත.
කැමිලි 2012 දී ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී කාන්තා මීටර 400 පිහිනුම් නිදහස් ආර රන්පදක්කම් හිමිකැර ගත්තාය. ඇලෙක්සිස් 2008 බීජිං ඔලිමිපික් උළෙලේ දී සැහැල්ලු බර පන්තියෙන් බොක්සින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
හෙලිකොප්ටර් දෙක පදවා ඇත්තේ ආජන්ටිනාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා සහ තවත් ප්‍රංශ ජාතිකයන් පස් දෙනකු මේ අනතුරෙන් මියගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් කණගාටුයි ක්‍රිඩාවේ දී ඉහළටම ගිය දෙදෙනකුට මෙවන් දෙයක් සිදු වීම ගැන. මෙවන් දේ යළිත් සිදු නොවේවා.! (ම)
චන්ද්‍ර වීරසිංහ හරි...(හේ)
වෙන්න තියෙන දේවල් සිද්ධ වෙනවා.ඒ දේවල් වලක්වන්න කාටත් බෑ.දුක තමයි ඒත් මොනවා කරන්නද?(හේ)
අකල් මරණ කාටත් පොදුය. අපට කළහැක්කේ ඔවුන් වෙනුවෙන් පින් අනුමෝදන් කර, නැවත මෙවැනි අකල් මරණ වලට ගොදුරු නොවේවා කියා පැතීමය (නි)
ජීවිතය අනියතයි මරණය නියතයි. එය කවදා හෝ කොතැනක හෝ සිදුවනවා. එය කාටත් පොදුය (නදී)
නන්දලාල් ලංකාවේද?ප්‍රංශයේද? ආර්ජන්ටිනාවේද? (නි)
උපදින කෙනෙකුට මරණය අයිතියක්. මරණයේ දුක මියගිය අයට නොව ජීවත්වන්නන්ටයි. නමුත් "බාධක ජයගනිමින් දිවි ගළවා ගැනීමේ" තරඟයෙන් ඔවුන් පැරදුනා. ගොඩක් දෙනෙක් තේරුම් නොගත් දෙයක් තමයි තමන්ගේ ජයග්‍රහණය සැමදා - සැමට වලංගු නැහැ කියන එක. තවත් කෙනෙක් හෝ කීපදෙනෙක් ආදර්ශයට ගනිමින් අනුකරණය නොකර තමන්ගේ ජය මාවත තමන්ම සාදාගන්න. (නි)
චන්ද්‍ර වීරසිංහ මහත්තයෝ, මනුස්සයෙක් මියගිය එක පිළිබඳව කණගාටුව ප්‍රකාශ කිරීම නොහොබිනා දෙයක් කියලද කියන්නේ. ඔබ ළඟ මනුස්සකම නොමැතිවීම පිළිබඳව කණගාටු වෙමි. (නි)
මටත් කියන්න තියෙන්නේ දුකයි කියලා තමා (නි)
"චන්ද්‍ර වීරසිංහ" මම සඳ ලංකාවේ. අන්තර් ජලයෙන් වැල වරකා විතරක් හොයල මදි පුවත් හොයන්නත් දැනුමක් උවමනාවක් තියෙන්න ඕනේ හොදේ (අ)
හරිම කණගාටුදායක පුවතක් (නි)
ක්‍රීඩකයෝ මුළු ලෝකෙටම අයිතියි .ඔවුන් අදහන ආගමක් අනුව අවසන් සැපත උදාවේවා! අපි නිවන් සුව පතමු. (ර)
කල්පගේ අදහස හරියටම හරි. (ර)
අද මේ පුවත මුළු රටටම ශෝක දිනයක් කලා. තවත් අතිදක්ෂ උසස් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් මේ අවාසනාවන්ත ඉරණමට ලක්වී නෑ.(ම)