IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රූපවාහිනී වැඩසටහන ශෝකාන්තයක් වෙයි

ප්‍රංශයේ ඔලිම්පික් පදක්කම් ලාභීන් දෙදෙනකු ඇතුළු 10 දෙනකු ආජන්ටිනාවේ වයඹ දිග කඳුකර පෙදෙසක දී හෙලිකොප්ටර් යානා දෙකක් ගැටී මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් රූපවාහිනී වැඩසටහනක පටිගතකිරිම් සඳහා සහභාගී වෙමින් සිටිය දී මේ අනතුර සිදුව ඇත. බාධක ජයගනිමින් දිවි ගලවා ගැනීම සම්බන්ධයෙන් මේ වැඩසටහන් නිෂ්පාදනය කැර ඇත.

ඔලිම්පික් පිහිනුම් රන් පදක්කම් ලාභිනී කැමිලි මුෆර්ට් (25) සහ ඔලිම්පික් බොක්සින් ලෝකඩ පදක්කම් ලාභී ඇලෙක්සිස්  වාස්ටයින් (28) මෙලෙස මරුමුවට පත්ව ඇත.

කැමිලි 2012 දී ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී කාන්තා මීටර 400 පිහිනුම් නිදහස් ආර රන්පදක්කම් හිමිකැර ගත්තාය. ඇලෙක්සිස් 2008 බීජිං ඔලිමිපික් උළෙලේ දී සැහැල්ලු බර පන්තියෙන් බොක්සින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

හෙලිකොප්ටර් දෙක පදවා ඇත්තේ ආජන්ටිනාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා සහ තවත් ප්‍රංශ ජාතිකයන් පස් දෙනකු මේ අනතුරෙන් මියගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

267B722D00000578-2987375-image-m-4_1425951018749

267BB2E200000578-2987375-image-a-9_1425954914899

267BC27500000578-2987375-image-m-12_1425954922869



අදහස් (0)

රූපවාහිනී වැඩසටහන ශෝකාන්තයක් වෙයි

අසංක Tuesday, 10 March 2015 09:35 AM

ගොඩක් කණගාටුයි ක්‍රිඩාවේ දී ඉහළටම ගිය දෙදෙනකුට මෙවන් දෙයක් සිදු වීම ගැන. මෙවන් දේ යළිත් සිදු නොවේවා.! (ම)

:       0       0

නාලක Wednesday, 11 March 2015 02:24 PM

චන්ද්‍ර වීරසිංහ හරි...(හේ)

:       0       0

දුමින්ද Thursday, 12 March 2015 08:16 AM

වෙන්න තියෙන දේවල් සිද්ධ වෙනවා.ඒ දේවල් වලක්වන්න කාටත් බෑ.දුක තමයි ඒත් මොනවා කරන්නද?(හේ)

:       0       0

යහම්පත් Wednesday, 11 March 2015 07:41 PM

අකල් මරණ කාටත් පොදුය. අපට කළහැක්කේ ඔවුන් වෙනුවෙන් පින් අනුමෝදන් කර, නැවත මෙවැනි අකල් මරණ වලට ගොදුරු නොවේවා කියා පැතීමය (නි)

:       0       0

රිචි බාලසුරිය Saturday, 14 March 2015 09:52 PM

ජීවිතය අනියතයි මරණය නියතයි. එය කවදා හෝ කොතැනක හෝ සිදුවනවා. එය කාටත් පොදුය (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 10 March 2015 08:53 PM

නන්දලාල් ලංකාවේද?ප්‍රංශයේද? ආර්ජන්ටිනාවේද? (නි)

:       0       0

ගමගේ Thursday, 12 March 2015 01:56 AM

උපදින කෙනෙකුට මරණය අයිතියක්. මරණයේ දුක මියගිය අයට නොව ජීවත්වන්නන්ටයි. නමුත් "බාධක ජයගනිමින් දිවි ගළවා ගැනීමේ" තරඟයෙන් ඔවුන් පැරදුනා. ගොඩක් දෙනෙක් තේරුම් නොගත් දෙයක් තමයි තමන්ගේ ජයග්‍රහණය සැමදා - සැමට වලංගු නැහැ කියන එක. තවත් කෙනෙක් හෝ කීපදෙනෙක් ආදර්ශයට ගනිමින් අනුකරණය නොකර තමන්ගේ ජය මාවත තමන්ම සාදාගන්න. (නි)

:       0       0

අකිල Wednesday, 11 March 2015 02:32 AM

චන්ද්‍ර වීරසිංහ මහත්තයෝ, මනුස්සයෙක් මියගිය එක පිළිබඳව කණගාටුව ප්‍රකාශ කිරීම නොහොබිනා දෙයක් කියලද කියන්නේ. ඔබ ළඟ මනුස්සකම නොමැතිවීම පිළිබඳව කණගාටු වෙමි. (නි)

:       0       0

මාපලගම පත්මා Thursday, 12 March 2015 02:46 PM

මටත් කියන්න තියෙන්නේ දුකයි කියලා තමා (නි)

:       0       0

නන්දලාල් Wednesday, 11 March 2015 04:12 AM

"චන්ද්‍ර වීරසිංහ" මම සඳ ලංකාවේ. අන්තර් ජලයෙන් වැල වරකා විතරක් හොයල මදි පුවත් හොයන්නත් දැනුමක් උවමනාවක් තියෙන්න ඕනේ හොදේ (අ)

:       0       0

කණිෂ්ක Friday, 13 March 2015 12:23 PM

හරිම කණගාටුදායක පුවතක් (නි)

:       0       0

කල්ප Wednesday, 11 March 2015 07:29 AM

ක්‍රීඩකයෝ මුළු ලෝකෙටම අයිතියි .ඔවුන් අදහන ආගමක් අනුව අවසන් සැපත උදාවේවා! අපි නිවන් සුව පතමු. (ර)

:       0       0

සිරිවන්ස සිල්වා Thursday, 12 March 2015 07:03 AM

කල්පගේ අදහස හරියටම හරි. (ර)

:       0       0

නන්දලාල් Tuesday, 10 March 2015 09:25 AM

අද මේ පුවත මුළු රටටම ශෝක දිනයක් කලා. තවත් අතිදක්ෂ උසස් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් මේ අවාසනාවන්ත ඉරණමට ලක්වී නෑ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 448 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site