
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින කාලය දීර්ඝ කරන්නේ ද නැද්ද යන තීරණය පැය 24ක් ඇතුළත ගනු ඇතැයි වාර්තා වේ.
ඇෆ්ගන් වැසියන් සහ විදේශිකයන් ඇතුළු දහස් ගණනක් ඇෆ්ගනිස්තානයේ පිටවීමේ අරමුණින් කාබුල් අගනුවර ගුවන් තොටුපොළට එක්රැස් වී සිටින අතර අවස්ථා කිහිපයකදීම ගුවන් තොටුපොළේ ගැටුම් හා නොසන්සුන්තා ඇති විය.
සිය හමුදා අගෝස්තු 31 වැනිදා වනවිට සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්නා බව ජෝ බයිඩන් පරිපාලනය මීට පෙර අවස්ථාවකදී ප්‍රකාශ කර තිබිණි.
ඒ අනුව සියලු විදේශීය හමුදා අගෝස්තු මාසය අවසන් වනවිට ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව යා යුතු යැයි තලේබාන් සංවිධානය අවධාරණය කළේය. විදේශීය හමුදා පිටව යෑම ප්‍රමාද වුවහොත් එම කාලය දීර්ඝ කිරීමට පියවර ගතහොත් ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද තලේබාන් සංවිධානය අනතුරු ඇඟවීය.
ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකානු වැසියන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ඇෆ්ගනිස්තාන වැසියන් මුදා ගැනීමේ ක්‍රියාවලිය “දැඩි සහ වේදනාකාරී” එකක් වනු ඇතැයි ද ඇතැම් විට ඇමෙරිකානු හමුදා අගෝස්තු 31 වැනිදායින් පසුවත් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටිනු ඇතැයි ද ජෝ බයිඩන් පසුගිය ඉරිදා පැවැසීය.
කෙසේ නමුත් ලබන අගෝස්තු 31 වැනිදා වනවිට ඇමෙරිකානු හමුදා ඉවත් කරගන්නේ ද කාලය දීර්ඝ කරන්නේ ද යන තීරණය ජෝ බයිඩන් විසින් පැය 24ක් ඇතුළත ගනු ඇතැයි බයිඩන් පරිපාලනයේ නිලධාරියෙක් රොයිටර්ස් පුවත් සේවයට පැවැසීය.
මේ වනවිට ඇමෙරිකානු සෙබළුන් 6,000ක් පමණ කාබුල් ගුවන් තොටුපොළේ ආරක්ෂාව සඳහා යොදවා ඇත. ඇමෙරිකානු හමුදා ඉවත් කරගැනීම සඳහා බයිඩන් පරිපාලනය විසින් ම යෙදූ දිනය සම්බන්ධයෙන් බයිඩන් පරිපාලනයේ උපදේශකයන්ගෙන් විරෝධයක් එල්ල වී ඇති බව ද වාර්තා වේ. විශේෂයෙන්ම ආරක්ෂාව යන කරුණු මුල් කරගනිමින් ඔවුන්ගෙන් එලෙස විරෝධය එල්ල වී තිබේ.
ලොව ධනවත්ම රටවල නායකයන්ගේ කණ්ඩායමක් වන ජී7 කණ්ඩායමේ හමුවක් විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත ය. එහිදි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනෙක් රටවල නායකයන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර එහිදි බයිඩන් සිය තීරණය පිළිබඳ යමක් අඟවනු ඇතැයි ද වාර්තා වේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
669
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2336
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රැඳී සිටින කාලය කඩිනමින් තීරණය කරනවා