ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට අනවසරයෙන් රත්‍රන් රැගෙන යාමට තැත් කළැයි ශ්‍රී ලංකා සම්භවයක් ඇති කාන්තාවක අත්අඩංගුවට ගත්බව ඉන්දියා රේගු දෙපාර්තමෙන්තු බුද්ධි අංශය කියයි.
ශ්‍රී ලන්කන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් ගල්ෆ් කලාපයේ සිට ඉන්දියාවේ නෙඩුම්බසරි ගුවන්තොටට පැමිණ ඇති ඇය පරීක්ෂා කිරීමේදී මෙම රත්‍රන් සොයාගැනීමට හැකිව ඇත.
කිලෝග්රෑම් 1.5 ක් පමණ බරවූ රත්‍රන් තොගය මාල, වළලූ හා දම්වැල් වලින් සමන්විත වන බව සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා සම්භවයක් ඇති කියලා ලියන්නේ ඇයි. ලාංකික නම් ලාංකික ,ඉන්දියානුනම් ඉන්දියානු කාන්තාවක් . ශ්‍රී ලංකාව තුල සිටින පරම්පරාවෙන් හෝ ලියාපදිංචියෙන් සිටින්නන් සියල්ලම ශ්‍රී ලාංකික වේ . ඇමෙරිකාවට හෝ ඔස්ට්‍රලියාවට පැමිණ පදිංචි වුවන් සියල්ලම දැන් එම රටවල පුරවැසියන් වේ . කතාකරන භාෂාව අනුව සම්භවය තීරණය නොකළ යුතුය . ඉන්දියානුවන් භාෂා කීපයක් කතා කලත් ඔවුන් සියල්ලම ඉන්දියානුවන්ය . (දිල්)
හැබැයි ලංකාවේ සිට ඉන්දියාවට හොරෙන් රත්‍රන් රැගෙන යන විට දී ලංකාවේ සිට හොරෙන් ගෙන ආ බව කියා ප්‍රශ්න කල බව නම් හරිම අඩුයි නේද? මොකද ඉන්දියාවට ඇතුළු වන්නේ සම්පත් නේ. (නදී)