‘ප්‍රෝබයොටික්‘ අඩංගු ආහාර වර්ග භාවිතයට ගැනීමෙන් රුධිර පීඩනය අඩු කර ගත හැකිවේයැයි ඕස්ටේ්‍රලියාවේ ගි්‍රෂිත් සෞඛ්‍යය ආයතනයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
දිනපතා යෝගට්,කිරි ආහාර වැනි ප්‍රෝබයොටික් අඩංගු ආහාර වර්ග භාවිතයට ගන්නා පුද්ගලයින් 540 කගේ පමණ නියැදියක් පර්යේෂණ වට 9 කට භාජනය කිරීමෙන් මේ බව අනාවරණය කර ගැනීමට හැකිවූවේයැයි ඔවුහු පවසති.
පර්යේෂණ වට 9 න් පසු එම පුද්ගලයින් අතර සිටි අධි රුධිර පීඩනයෙන් පෙළෙමින් සිටි අයගේ රුධිර පීඩනය අඩු අගයකට පත්ව ඇති බව නිරීක්ෂණය කිරීමට හැකිවූ බව ඔවුහු කියති.
ප්‍රෝබයොටික් යනු ආහාර ජීර්ණයට උපකාරී වන බැක්ටීරියා වර්ගයක් වන අතර එම බැක්ටීරියා මිනිස් ආහාර ජීර්ණ පද්දතියේ ස්වභාවයෙන්ම සිටී.
මෙම බැක්ටීරියා ඇතැම් අවස්ථාවන්හි මිනිසාට අයහපත් විය හැකි තත්ත්වයන් සිරුරේ ඇති කිරීමේ සමත්වුවත් බොහෝ වේලාවන්හිදී මිනිසාගේ හිතසුව පිණිසම ක්‍රියාකාරී වේ.
මෙනිසා කිරි ආහාර වල මිනිසාට හානිකර නොවන ප්‍රෝබයොටික් වර්ගයට අයත් බැක්ටීරියාවන් අන්තර්ගත කිරීමට ඇතැම් ආහාර නිශ්පාදකයෝ කටයුතු කරති.
ප්‍රෝබයෝටික් වර්ගයට අයත් බැක්ටීරියාවන් පිත බිඳ හෙලීම මගින් සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රතිශතය අඩු කරන බව සොයාගෙන තිඛෙන අතර පර්යේෂණයෙන් ලද ප්‍රතිඵල හා මේ කරුණ අතර සම්බන්ධයක් පැවැතීමට ඉඩ ඇතැයි පර්යේෂකයෝ කියති.
කෙසේනමුත් රුධිර පීඩනය අඩු කරන්නයැයි කියා ප්‍රෝබයොටික් අන්තර්ගත ආහාර කෑම සහතික ප්‍රතිකාරයක් ලෙස සනාථ කිරීමට තවදුරටත් පර්යේෂණ කළ යුතුව ඇතැයි ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔස්ට්‍රේලියාව යෝගට් ගුණ කියන්න පෙර අපේ මුතුන් මිත්තෝ සොයා ගත් දෙයක් තමයි කිරි..පැණි.. සාංගීක දානයකදී සංඝයා වහන්සේලාට පිරි නැමුවේ අතීතයේ සිටම කිරි පැණි. ඒ නිසාම තමයි ලංකාවේ කිසිම සංඝයා වහන්සේ නමක් ව්‍යායාම නොකලත්,පයින් නොගියත්,අකල් මරණයකට ගොදුරු නොවී වැඩි ආයුෂ කාලයක් ජීවත් වෙන්නේ !! (නදී)
එ්කනේ කියන්නේ, මේ වාර්තාවට අනුව ඉන්දියාව ලෝකෙන්ම අඩුම රුධිර පීඩන තියෙන රට වලින් එකක් වෙන්න ඕනේ. (නදී)