බි‍්‍රතාන්‍යයේ ග්රේට් මැන්චෙස්ටර් ප‍්‍රදේශයේ පිහිටි හොලින්ගර්වර්ත් විල ඉවුරට බිහිසුණු පෙනුමකින් යුතු මසෙකුගේ සිරුරක් ගොඩගසා තීබීමෙන් ප‍්‍රදේශවාසීහු භීතියට පත්ව සිටිති.

අඩි පහක් පමණ දිගු වන මෙම මත්ස්‍යයාගේ මුව මුවහත් උල් දත් පෙළකින් සමන්විතය. වැඩුණු මිනිසෙකුගේ අතක් පහසුවෙන්ම මත්ස්‍යයාගේ මුවට ඇතුල් කළ හැකි යැයි ද පැවසේ.

ඇතැමෙක් මේ සිටින්නේ හොලින්ග්වර්ත් විලට අනන්‍ය පයික් වර්ගයට අයත් මත්ස්‍යයකු බව පවසා සිටියත් බහුතරය එය පිළිගැනීමට සූදානම් නැත. පයික් මසෙකු මෙතරම් ප‍්‍රමාණයකට වැඩෙන්නේ නැතැයිද, මෙතරම් බිහිසුණු පෙනුමක් ගන්නේ නැතැයිද ඔවුහු කියති.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් සත්ත්ව විශේෂඥයින් කිසිවෙකුත් ප‍්‍රකාශයක් නිකුත් කර නොමැත.

2B16A2C600000578-3184882-The_huge_beast_still_has_a_mouth_full_of_teeth_and_one_walker_sa-a-11_1438688463991[1] 2B16A4A400000578-3184882-The_discovery_of_the_corpse_on_the_shore_of_Hollingworth_Lake_in-a-13_1438688463994[1] 2B16A46A00000578-3184882-image-a-10_1438687506007[1] 2B16A62900000578-3184882-Visitors_at_the_reservoir_which_is_almost_400_miles_from_Loch_Ne-m-16_1438687845508[1]