IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රෝද තුනේ ඉගිලෙන රථය

මහ මග ධාවනය කිරීමටත් ඉගිලීමටත් හැකි හෙලිසයිකල් නමැති රෝද තුනක අරුම පුදුම යතුරුපැදියක් වෙළඳ පොළට ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍ය සමාගමක් කටයුතු කැර ඇත. පසුගිය වසරේ දී එම යානය එළිදැක්වූ අතර දැන් එය ස්ටර්ලිං පවුම් 230,000ක් හෙවත් රුපියල් පන් කොටි 20 ලක්ෂයකට මිල කරමින් ගැනුම් කරුවන්ට හඳුන්වාදෙමින් තිබේ. රථය මිල කැර තිබේ. පැල්-වී 1 ලෙස නම් කැර ඇති මේ රථය පැයට සැතපුම් 112ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි බව එහි නිපැවුම් කරුවෝ කියති. ධාවනය වෙමින් සිටිය දී ගුවන් ගත කිරීමට අවශ්‍යනම් රථය නවතා විනාඩි 10ක කාලයක දී ගුවන්ගත වීමේ හැකියාව ඇති හෙලිසයිකලයට තත්පර අටක දී උපරිම වේගයට ළඟාවීමේ හැකියාව ඇත.

මහ මග රිය ධාවන බලපත්‍රයක් හා ගුවන් යානා පැදවීමේ බලපත්‍රයක් යන දෙකම මේ රථය පැදවීමට අවශ්‍ය වන අතර එය අඩි 4000 ක උපරිම උසකට නැංවීමේ හැකියාව ද පවතී,

නිෂ්පාදන සමාගම පවසන්නේ අදින් වසර 50ට පමණ පෙරාතුව ඉගිලී යා හැකි කාරයක් පිළිබඳ සංකල්පය මුලින් ම ඉදිරිපත් වූ බවයි. ආසන දෙකකින් සමන්විත හෙලිසයිකලය සඳහා අඩි 540 ක ධාවන පථයක් අවශ්‍යය. ගුවනේ සිට පැමිණ ගුවන්ගත වීමේ ස්විඡය ක්‍රියාවිරහිත කළ විට එහි තටු ඉබේම හැකිලී ගොඩබිම ධාවනයට සුදුසු ආකාරයෙන් රථය සැකසේ.

පෙට්‍රල් භාවිතාකරන මේ රථයේ ගැලුම් 27ක ධාරිතාවකින් යුතු ටැංකියක් ඇති අතර එක් වරක් ඉන්ධන ටැංකිය පිරවූ විට අඩි 4000ක් ඉහළ අහසේ සැතපුම් 220ක් ගමන් කළ හැකි බවත් ගොඩබිම සැතපුම් 750ක දුරක් ධාවනය කළ හැකි බවත් නිෂ්පාදක සමාගම පවසයි.

කාබන් ෆයිබර්, ටයිටේනියම් හා ඇලුමිනියම් යොදා සකසා ඇති හෙලිසයිකලයක බර රාත්තල් 1,499 කි. මේ රථය වාහන තදබදයට කදිම විසඳුමක් බව බොහෝ දෙනකුගේ මතය වී ඇත.



අදහස් (0)

රෝද තුනේ ඉගිලෙන රථය

සමන්ති Tuesday, 15 July 2014 12:25 AM

අපේ රටට නම් මේවාගේ රථ දැනටත් ගෙනල්ලායි තියෙන්නේ අසල්වැසි රටකින්. හැබැයි තාක්ෂණය තියෙන්නේ රියදුරු අතේ. (නි)

:       0       0

චමින්ද Monday, 14 July 2014 08:11 AM

අපේ අර කට්ටිය දැනටමත් දෙක තුනක් ඇනවුම් කරලා ඇති. (නදී)

:       0       0

සුසන්ත Monday, 14 July 2014 09:10 AM

මේකට,ඉහල අහසේ රේස් යන්නත් පුළුවන් ඇති නේද........? (නදී)

:       0       0

හේමන්ත Monday, 14 July 2014 09:11 AM

අයියෝ මේවා අපේ රටට ඇවිත් දැන් ගොඩක් කල්. පාරට බැහැල බලන්නකෝ පියාබන තුන් රෝද රථ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site