තම මවගේ දේශපාලන බලයෙන් හිස උදුම්මාගත් රොකී යදව් (30) තම ජීප් රථය පසුකර ගිය කුඩා මෝටර් රථයක් පැදවූ අදිත්‍ය සව්දෙවා (19) නමැති තරුණයකුට වෙඩි තබා ඝාතනය කළ බව බිහාර් ප්‍රාන්තයෙන් වාර්තාවේ.

බිහාර් ආණ්ඩුවේ ජේඩීයූ දේශපාලන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන මනොරාමා දේවි ඝාතනය කළ බවට සැක කරන යදව්ගේ මවය.

ඝාතනය සිදුවී දින කිහිපයක් ගතවුවද සැකකරු අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් පොලිසියට ජනතා විරෝධය එල්ලවී ඇත.

සැකකරු වෙඩි තැබීම කළ බවට නිගමන ලැබී ඇති බවත් ඔහු කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවත් ගයා පොලිස් අධිකාරී ගරිමා මලික් පවසයි.