IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩා වැටී 79 ක් මරුට

කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 160 කි.

පළාත් ආණ්ඩුකාරවරයකු සහ හිටපු බේස්බෝල් ක්‍රීඩකයකු වන ඔක්ටේවියෝ ඩොටෙල් ද රාත්‍රී සමාජ ශාලාවේ සිටි බවත්, ඔවුන් දෙදෙනා ද ජීවිතක්ෂයට පත් වුණු බවත් වාර්තා වේ.

51 හැවිරිදි ඔක්ටේවියෝ ඩොටෙල්ගේ සිරුර ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් සොයාගෙන ඇතැයි ද පැවැසෙයි. ගොඩනැගිල්ල ගිනිගත් අවස්ථාවේදී, ජනප්‍රිය ගායක රූබි පෙරේස්ගේ සංගීත ප්‍රසංගයක් පැවැත්වෙමින් තිබුණි. රූබි පෙරේස් ද අනතුරින් ජීවිතක්ෂයට පත්වුණු බව ද පැවැසෙයි. ගින්න හටගත් අවස්ථාවේදී, සමාජ ශාලාවේ 500 ත් 1000 ත් අතර පිරිසක් සිටි බව ද වාර්තා වේ.

සුන්බුන් අතරේ සිරවූවන් සොයමින්, දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ඊට 400 කට වැඩි දෙනකු එක් වී සිටින බව ද පැවැසෙයි. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.



අදහස් (0)

රාත්‍රී සමාජ ශාලාවක වහලය කඩා වැටී 79 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1617 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 558 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 640 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site