සිනමා ලොව දැවැන්තයෙකු වන ඇමරිකාවේ සෝනි පික්චර්ස් සමාගමට පසුගියදා එල්ලවූ හැකර් ප්‍රහාරය පසුපස සිටින්නේ උතුරු කොරියාව බව ඇමරිකා බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

හැකර් ප්‍රහාරයෙන් සෝනි පික්චර්ස් සමාගමේ ප්‍රධාන විධායකයින් ඔවුන් එකිනෙකා අතර හුවමාරු කරගත් අතිශය පෞද්ගලික තොරතුරු හා රහස් ඇතුළත් විද්‍යුත් ලිපි රැසක් අන්තර්ජාලයට නිදහස් කෙරුණු අතර ඉන් සෝනි පික්චර්ස් සමාගම පත්වූයේ අසීරු තත්ත්වයකටය.

එම ලිපිවල සෝනි සමාගමේ විධායකයින් නළු නිළියන් ගැන සිතන අන්දමද,වත්මන් ඇමරිකා ජනපතිවරයා කළු ජාතිකයෙකු වීම පිළිඹදවද,නොයෙකුත් සිනමා ලොව ඕපාදූපයන් ආදී දේ රැසක් සදහන්ව තිබුණි.

සෝනි සමාගමේ වර්ගවාදී, ජාතිවාදී, ඒකපාක්ෂික මුහුණුවර මේ ලිපිවලින් හොඳීන්ම අනාවරණය වන බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා වල දැක්වුණි.

උතුරු කොරියාව මේ හැකර් ප්‍රහාරය සිදුකරන්නට ඇත්තේ නුදුරේදීම එළිදැක්වීමට නියමිත ‘ද ඉන්ටර්වීව්‘ නම් චිත්‍රපටයක් මුල්කරගෙන බවට සැකකෙරේ.එම චිත්‍රපටයේ උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් ඝාතනය කිරීමට නියෝජිතයින් දෙදෙනෙකු සිදුකරන මෙහෙයුමක් හාස්‍යෝත්පාදක ලෙස නිර්මාණය කර තිබෙන බව සදහන්ය.

මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කළහොත් ඇමරිකා ධවල මන්දිරයට බෝම්බ හෙළන්නේ යැයිද,චිත්‍රපටශාලා පුපුරුවා හරින්නේ යැයිද යැයි උතුරු කොරියාවෙන් තර්ජන එල්ලවීද තිබේ.

නමුත් ඇමරිකා ජාතික බැරක් ඔබාමා චිත්‍රපටය ප්‍රදර්ශනයට අවසර ලබාදී ඇති අතර ඒ අනුව ඉදිරි කටයුතු සිදුවනු ඇත.

ඇමරිකා පාලන තන්ත්‍රය හැකර් ප්‍රහාරය උතුරු කොරියාවේ සෙල්ලමක් ලෙස හදුන්වාදී තිබෙන අතර එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැළකිය නොයුතු යැයි මතයක සිටී.නමුත් උතුරු කොරියාවේ ප්‍රකාශයන් හමුවේ එරට නැවත වරක් ත්‍රස්ත කටයුතු වලට ආධාර ලබාදෙන රටක් ලෙස වර්ග කිරීම සම්බන්ධයෙන් ඇමරිකා ආරක්ෂක විශේෂඥයින්ගේ අවධානය යොමුව තිබේ.

23FE98FF00000578-2882848-Actress_Angelina_Jolie_was_also_ripped_in_some_of_the_email_exch-m-1093_1419199921730 242CF96300000578-0-image-a-1078_1419193441855 2420B8A200000578-0-Sony_cancelled_The_Interview_s_slated_December_25_release_last_w-m-1083_1419193508486