සිනමා ලොව දැවැන්තයෙකු වන ඇමරිකාවේ සෝනි පික්චර්ස් සමාගමට පසුගියදා එල්ලවූ හැකර් ප්‍රහාරය පසුපස සිටින්නේ උතුරු කොරියාව බව ඇමරිකා බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.
හැකර් ප්‍රහාරයෙන් සෝනි පික්චර්ස් සමාගමේ ප්‍රධාන විධායකයින් ඔවුන් එකිනෙකා අතර හුවමාරු කරගත් අතිශය පෞද්ගලික තොරතුරු හා රහස් ඇතුළත් විද්‍යුත් ලිපි රැසක් අන්තර්ජාලයට නිදහස් කෙරුණු අතර ඉන් සෝනි පික්චර්ස් සමාගම පත්වූයේ අසීරු තත්ත්වයකටය.
එම ලිපිවල සෝනි සමාගමේ විධායකයින් නළු නිළියන් ගැන සිතන අන්දමද,වත්මන් ඇමරිකා ජනපතිවරයා කළු ජාතිකයෙකු වීම පිළිඹදවද,නොයෙකුත් සිනමා ලොව ඕපාදූපයන් ආදී දේ රැසක් සදහන්ව තිබුණි.
සෝනි සමාගමේ වර්ගවාදී, ජාතිවාදී, ඒකපාක්ෂික මුහුණුවර මේ ලිපිවලින් හොඳීන්ම අනාවරණය වන බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා වල දැක්වුණි.
උතුරු කොරියාව මේ හැකර් ප්‍රහාරය සිදුකරන්නට ඇත්තේ නුදුරේදීම එළිදැක්වීමට නියමිත ‘ද ඉන්ටර්වීව්‘ නම් චිත්‍රපටයක් මුල්කරගෙන බවට සැකකෙරේ.එම චිත්‍රපටයේ උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් ඝාතනය කිරීමට නියෝජිතයින් දෙදෙනෙකු සිදුකරන මෙහෙයුමක් හාස්‍යෝත්පාදක ලෙස නිර්මාණය කර තිබෙන බව සදහන්ය.
මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කළහොත් ඇමරිකා ධවල මන්දිරයට බෝම්බ හෙළන්නේ යැයිද,චිත්‍රපටශාලා පුපුරුවා හරින්නේ යැයිද යැයි උතුරු කොරියාවෙන් තර්ජන එල්ලවීද තිබේ.
නමුත් ඇමරිකා ජාතික බැරක් ඔබාමා චිත්‍රපටය ප්‍රදර්ශනයට අවසර ලබාදී ඇති අතර ඒ අනුව ඉදිරි කටයුතු සිදුවනු ඇත.
ඇමරිකා පාලන තන්ත්‍රය හැකර් ප්‍රහාරය උතුරු කොරියාවේ සෙල්ලමක් ලෙස හදුන්වාදී තිබෙන අතර එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැළකිය නොයුතු යැයි මතයක සිටී.නමුත් උතුරු කොරියාවේ ප්‍රකාශයන් හමුවේ එරට නැවත වරක් ත්‍රස්ත කටයුතු වලට ආධාර ලබාදෙන රටක් ලෙස වර්ග කිරීම සම්බන්ධයෙන් ඇමරිකා ආරක්ෂක විශේෂඥයින්ගේ අවධානය යොමුව තිබේ.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රතු හැකරා යැංකි සිනමාවට ගහයි
මෙරිල් බාලසුරිය Friday, 26 December 2014 08:59 AM
සිතල යුද්ධයේ එක පියවරක්, සෝවියට් දේශය තිබු කාලයේ එයට විරුද්ධව තැනූ බොහෝ චිත්‍රපට සහ ප්‍රකාශ වලින් කළෙත් ඔහොමය (බ)
මොරිස් Monday, 22 December 2014 08:35 PM
මේ ගැන කිසිම තැනක උතුරු කොරියාව පිළිගෙන නැහැ. එහෙම කිරීමට ඔවුන්ට හැකියාව තිබෙනවා නම් කොරියානුවන් පරිගණක තාක්ෂනය අතින් ඉතාම ඉහල මට්ටමක ඉන්නවා වෙන්න පුළුවන්. (නදී)
උපාලි Wednesday, 24 December 2014 12:14 AM
මේක උතුරු කොරියාවට එරෙහි ඇමෙරිකානු මෙහෙයුමේ තවත් එක් පියවරක් පමණයි කියලයි මම හිතන්නේ. (නි)