රතු මුහුදේ ඊජිප්තුවට අයත් දූපත් දෙකක් නැවත සෞදි අරාබිය වෙත පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය අවලංගු කරමින් ඊජිප්තුවේ විනිසුරුවරයකු තීන්දුවක් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෞදි අරාබියේ සල්මන් රජුගේ සංචාරයක් අතරතුරදී ටිරාන් සහ සනාෆිර් දූපත් නැවත අරාබියට ලබාදෙන බව ඊජිප්තුවේ ජනාධිපති අබ්දුල් ෆට්ටාහ් අල්-සිසි නිවේදනය කළේය .
මෙම ගනුදෙනුවට විරෝධය දැක්වූ 150 දෙනෙකු පමණ සිරගත කර තිබිණි.
ටිරාන් සහ සනාෆිර් නිර්ජනාවාස දුපත් දෙකකි. ඊශ්රායලය, ජෝර්දානය, ඊජිප්තුව හා සෞදි අරාබිය යන රටවල් හතරෙහිම මායිමේ පිහිටි මෙම දුපත් රතු මුහුදේ වැදගත් ස්ථානයක් ගනියි.
අප්‍රේල් මාසයේ දී ජනාධිපති සිසි ගේ මෙම තීරණයත් සමග රටේ නොසන්සුන්තාවයක් ඇතිවූ අතර එයට විරුද්ධව බොහෝ විවේචන එල්ල විය.
සල්මන් රජු විසින් ඩොලර් බිලියනයක ආධාරයක් ලබාදීමට පොරොන්දු වීමත් සමග එම දුපත් විකුණනවා යැයි චෝදනාවක් මතු විය. කෙසේ වෙතත් එම දුපත් සෞදි අරාබියට අයත්ව තිබියදී 1950 වසරේදී සෞදි අරාබියේ ඉල්ලීම මත ඊජිප්තු හමුදා එම දුපත් වල ආරක්ෂාවට යොදා ගැනිණි.
1956දී සහ 1982 දී එම දුපත් ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් අතර පසුව ඊජිප්තුවට භාර දුන් බව සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd