රතු මුහුදේ ඊජිප්තුවට අයත් දූපත් දෙකක් නැවත සෞදි අරාබිය වෙත පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය අවලංගු කරමින් ඊජිප්තුවේ විනිසුරුවරයකු තීන්දුවක් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෞදි අරාබියේ සල්මන් රජුගේ සංචාරයක් අතරතුරදී ටිරාන් සහ සනාෆිර් දූපත් නැවත අරාබියට ලබාදෙන බව ඊජිප්තුවේ ජනාධිපති අබ්දුල් ෆට්ටාහ් අල්-සිසි නිවේදනය කළේය .
මෙම ගනුදෙනුවට විරෝධය දැක්වූ 150 දෙනෙකු පමණ සිරගත කර තිබිණි.
ටිරාන් සහ සනාෆිර් නිර්ජනාවාස දුපත් දෙකකි. ඊශ්රායලය, ජෝර්දානය, ඊජිප්තුව හා සෞදි අරාබිය යන රටවල් හතරෙහිම මායිමේ පිහිටි මෙම දුපත් රතු මුහුදේ වැදගත් ස්ථානයක් ගනියි.
අප්‍රේල් මාසයේ දී ජනාධිපති සිසි ගේ මෙම තීරණයත් සමග රටේ නොසන්සුන්තාවයක් ඇතිවූ අතර එයට විරුද්ධව බොහෝ විවේචන එල්ල විය.
සල්මන් රජු විසින් ඩොලර් බිලියනයක ආධාරයක් ලබාදීමට පොරොන්දු වීමත් සමග එම දුපත් විකුණනවා යැයි චෝදනාවක් මතු විය. කෙසේ වෙතත් එම දුපත් සෞදි අරාබියට අයත්ව තිබියදී 1950 වසරේදී සෞදි අරාබියේ ඉල්ලීම මත ඊජිප්තු හමුදා එම දුපත් වල ආරක්ෂාවට යොදා ගැනිණි.
1956දී සහ 1982 දී එම දුපත් ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් අතර පසුව ඊජිප්තුවට භාර දුන් බව සදහන් වේ.
2025 නොවැම්බර් මස 04
584
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2276
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රතු මුහුදේ දූපත් දෙකක් සෞදියට දෙන තීන්දුව ඉවතට