
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් හමුවෙමින් පැවැසුවේය.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා චීනයේ නිල සංචාරයක නියැලෙන්නේ, චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්ය. ඇමෙරිකා රාජ්‍ය ලේකම් බ්ලින්කන් මෙසේ චීනයට ගියේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මැදිහත් වී, යුක්රේනයට, ඊශ්‍රායලයට සහ තායිවානයට ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් ආධාර ලබා දීමට සූදානම් වෙද්දීය. ආධාර ලබා දීමට ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ ද අනුමැතිය හිමිවී ඇත.
වෙනම රටක් වුවත්, තායිවාන දූපත් රාජ්‍යය තමන්ගේ කොටසක් යැයි චීනයේ පිළිගැනීමය. එහෙයින් සෙසු රටවල් චීනය සමඟ ඇයිහොඳයිකම් පැවැත්වීම චීනයේ විරෝධයට හේතුවක් වී තිබේ. චීනය සහ ඇමෙරිකාව අතරේ පවතින අර්බුද උත්සන්න කිරීමට, ඇමෙරිකාව තායිවාන රජයට සමීප වීම හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
20
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු