ඇමරිකාවේ ජාතික ආරක්ෂාව තර කිරීම පිණිස ඉරානය, ඉරාකය, සිරියාව, ලිබියාව, යේමනය, සුඩානය හා සෝමාලියාව යන රටවල පුද්ගලයින්ට ඇමරිකාවට ඇතුළුවීම ද තහනම් කිරීමට ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තීරණය කර තිබේ.
අනවසර සංක්‍රමණිකයන්ට එරටට ඇතුළුවීමට නොහැකි අයුරින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට ට්‍රම්ප් මහතා තීරණය කර ඇත. ඔහුගේ මැතිවරණ පොරොන්දු අතරට ද මෙය එකතුවී තිබිණි.
මේ අතර ඇමරිකාව හා මෙක්සිකෝව අතර ඉදිවන තාප්පයේ වැඩ අරඹන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වලින් කියැවේ.
-022

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් මිනිසුන් දකිනවිටත් හිතට දැනෙන්නේ සතුටක් (නි)
මෙන්න රටට ආදරේ ඇති ඇත්තටම ගරු යැයි කිවහැකි ජනාධිපතිතුමෙක්. දෙවනවර දිනනවාට වඩා ජාතියේ රටේ අනාගතය ගැන සිතුවා. මෙවැනි ජනපතිතුමෙක් පත්කර ගැනීමට ඡන්දය දුන් ජනතාවට ජය වේවා. එහෙත් සිංහල අපේ අවාසනාවට අපිට මෙවැනි නායකයෙක් බිහිවෙන්නේ නැහැ. (නි)
සුමුදු, නොදන්නා දේවල් කතා නොකර ඉන්න. නොදන්නා දේ දන්නවා වගේ කතාකරන එකයි මෝඩකම. (නි)
ලංකාව මේ ලැයිස්තුවට දන්නේ 2050 දී. එතකන් සතුටින් ඉමු. (නි)
පිටින් ගිහින් ඔය රටේ පදිංචිවෙලා තමන් උපන් රට හෑල්ලුවට ලක්කරන අය දවසක ඔය රටටත් කරන්නේ ඒ ටිකමයි. ඒ නිසා ඊළඟ පියවර හැටියට ඔවුනුත් ඔය රටින් පිටමං කරන්න ට්‍රම්ප් මහත්තයා. (නි)
කවුරුත් අදහස් දාලා තියෙන්නේ ඉස්සර ජනාධිපතිවරු කළ දේවල් ගැන, ත්‍රස්තවාදයට උදවු කළ හැටි ගැන. ඇත්ත. නමුත් මේ ඉන්නේ මුළුමනින්ම වෙනස් නායකයෙක්. අපේ කට්ටිය වගේ කකුලෙන් අදින්නේ නැත්නම් මෙතුමාට ඔය කියන දේ යථාර්ථයක් බවට පත්කරන්න හැකිවේවි. (නි)
ට්‍රම්ප් මහත්තයා ඔන්න කැනඩාව පටන් අරන් . (ම)
යොහාන් මේක දවස් 90 කට දාපු නීතියක්. සදා කාලික කලත් කමක් නැත මොකද ඔය හම්බයින්ගේ කාටවත් ප්‍රයෝජනයක් නැත. ඔවුන් ත්‍රස්තවාදය හැර ලෝකෙට දීපු දෙයක් නැත (ම)
ඔන්න කොන්ද පණ තියන නායකයෝ... කීවා කළා (බ)
ලංකාවේත් ඕක කරන්න (බ)
ලංකාවෙනුත් අයිඑස්අයිඑස් එකට සම්බන්ධකම් තිබුන අය ගැන පසුගිය දිනවල ආරංචි තිබුනා..ට්‍රම්ප් මහත්තයට ඒ ගැන මොකුත් ආරංචියක් ලැබිල නැතුව ඇති. (බ)
ට්‍රම්ප් මහත්මයා ඇමරිකාවේ සතුරන් වැඩි කර ගැනීමේ ව්‍යාපාරය දැනටමත් පටන් ගෙන වගෙයි.. (බ)
මේ රටවල් හතෙන් ගොස් දැනට ඇමෙරිකාවේ පදිංචිවී ඉන්න අය ආපසු යවනවාද. (බ)
තමන්ගේ ජනතාව ගැන හිතන නායකයෙක්. එ්කට මෙහෙ. කොටි හෙවනැලි දැක දැක නොදැක්ක වගේ ඉන්නවා .(බ)
ඔව් ඉතින් මොහොමඩ්ලට නම් ඉතින් ට්‍රම්ප් ප්‍රශ්නයක් තමයි. අපේ රටේ අය (නිහාල්) හිතන්නේ දඬුවම් කළාම හරි කියලා. කවුරු මොනවා කළත් ආපු කෙනා හරියට කළාම හරිනේ. (නි)
වැඩක් නැහැ. අල්ලපු රටේ එවුන් ඇතුල් වෙලා නැහැනේ ඒ ලැයිස්තුවට? (බ)
දිලිප් ඇයි අපේ නායකයන්ට කොන්ද පණ නැද්ද ? සංහිදියාව මාර්ගයෙන් ඉල්ලන සේරම දෙනවනේ. වෙනසකට තියෙන්නේ දෙන්නේ නැහැ කිය කියා දෙන විතරයි.(බ)
බමුණු, ළිඳේ ඉන්න මැඩියෙක් වගේ කතා කරන්න එපා! ලංකාවට වැඩිම විදේශ විනිමයක් එන්නේ ඔය රටවල් වලට ගිහිල්ලා එවන රියාල් වලින්. ඇමෙරිකාව කොච්චර කියෙව්වත් ඇමෙරිකාවේ කොටස් වෙළඳ පොළේ වැඩි ආයෝජනයක් කරලා තියෙන්නේ ඔය කියන අයම තමා (නි)
ලොකුම කොමිඩිය, ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදයට වැට බඳිනවා කියනඑක. කාට කියන්නද මේවා..? (බ)
මේ කියන බොහෝ රටවල අභ්‍යන්තර යුද්ධ ඇතිකරන ලද්දේ ඇමෙරිකාව විසින්. මේ යුද්ධ වලින් විශාල මිනිස් ඝාතනයක් මෙන්ම, විශාල සරණාගතයින් ප්‍රමාණයක් පසුගිය කාලයේ බිහි විය. මෙවැනි තත්වයක් මත, දැන් ඇමෙරිකාව සැරසෙන්නේ තමන්ගේ අත සෝදාගැනීමටයි. (බ)
සමහර අනුවණයෝ හිතන්නේ සෝඩා බෝතලේ වගේ වැඩ හොඳයි කියල මේ අයම පස්සෙ කියාවී අනේ අපෝ කියල (බ)
ලංකාවත් ඇතුල් කළානම් හරි ඔය ලැයිස්තුවට.(බ)
ලැයිස්තුව දැක්කම පැහැදිලිව පේනවා. සෝමාලියාව හැර අන් සියලු රටවල ඇමෙරිකාව ත්‍රස්තවාදී ලෙස හැසිරී විනාශයට පත් කල හැටි, අමෙරිකාවෙන් මේ රටවල ජාතික ආරක්ෂාවට කළ හානිය..මෙතන බොහොම හොඳ වැඩක්, අපේ රටේ නායකන්ට කොන්ද පණ නැති බව කියන උදවියගේ කට බලාගන්න තිබ්බ ලංකාව ඔය ලැයිස්තුවට ඇතුළත් වුණා නම්. (බ)
ඇමරිකාවට යහපාලනයක් ඕනෑ නම් අපේ කෙනෙක් එහෙ අරගෙන් ගිහින් නම ටිකක් වෙනස්කරලා එහෙ ජනාධිපති හැටියට පත්කරගන්න. (නි)
ලංකාවේ නැගෙනහිර කොළඹ පැත්තත් බලන්න ට්‍රම්ප් මත්තයෝ මොකද අපිට දැන් නායකයෙක් නැහැ (බ)
ඒ රටවලටත් අැමරිකනුන් ඇතුළුවීම තහනම්... හරිද? රට තුළ ළඟදීම ගැටුම් ඇතිවන ලකුණු (නි)
දණින් නොනැමී දෙපයින් සිටගත් නායකයෙක් (නි)
ඒ වුණාට මේ තීරණ ප්‍රායෝගික නැහැ නේද (නි)
අපට ට්‍රම්ප්ව ලොකු ප්‍රශ්නයක් වේවි. (නි)
අපේ නායකයෝ අපිට හොඳයි (නි)
ට්‍රම්ප් මහත්තයෝ ඔය කියන රටවල්වලට බලෙන් ඇතුළුවෙලා ඒ රටවල් අස්ථාවරකළේ ඔයාලමයි.පළමුව ඒ අස්තාවරකළ නායකයින්ට රාජ්‍ය ලේකම්වරුන්ට දඩුවම් කරන්න (බ)
ඒ එහෙනේ. මෙහෙ නම් ඕනෑ කෙනෙකුට පුලුවන් (නි)
මේ රටවල් අමුතුවෙන් අස්ථාවර කරන්න දෙයක් නැහැ. නූගත්කමයි, අන්තවාදයයි එකතු වුණාම කොහොමත් අස්ථාවරයි. (නි)
ඉතාම හොඳ තීරණයක්. අනුකම්පාව දක්වන්න හොඳම නැති ජාතියක් (නි)
ඩොනල් ට්‍රම්ප් ඉන්නාතුරු ඇමෙරිකාවේ කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවක් කරන්නේ නැහැ. (නි)
වැඩේ හොඳයි, අපේ රටෙත් තීරණය ඕක නම්..... (නි)
මේ මිනිසා ලෝකයේ බලවත්ම රාජ්‍යයේ විධායකයා බවට පත්කර ගැනීමේ ආදීනව අපේ බොහෝ දෙනෙකුට තේරෙන්න වැඩිකල් ගතවෙන්නේ නැහැ. (නි)
මොනතරම් මෝඩ තීරණයක්ද? මම කිවුවේ තාප්පේ ගැන. හේතු කියන්න මේකේ ඉඩ මදි. තව ටික කාලයක් බලා ඉන්නකෝ. ඕවා නිකන් බිම්මල් වගෙයි (නි)
අනේ මොකටද එහෙ යන්නේ ඉතින්? මොවුන් තමා ලෝකය විනාශ කරලා හොඳ මිනිස්සු වෙන්න හදන්නේ (නි)
අපේ නායකයන්ට මෙහම කරන්න බැහැ. ඔවුන්ට පක්ෂයේ හා ප්‍රධාන හොරු ටික රකින්න තියනවා. තීරණ ගන්න විදියක් නැහැ. (නි)
එහෙම තමයි නිසි සැළසුමක් ඇතුව වැඩකරන මිනිස්සු (නි)
ඒවා නියම කොන්ද පණ ඇති රටවල්! (නි)