IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රටවල් 7 ක පුද්ගලයන්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම්

ඇමරිකාවේ ජාතික ආරක්ෂාව තර කිරීම පිණිස ඉරානය, ඉරාකය, සිරියාව, ලිබියාව, යේමනය, සුඩානය හා සෝමාලියාව යන රටවල පුද්ගලයින්ට ඇමරිකාවට ඇතුළුවීම ද තහනම් කිරීමට ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තීරණය කර තිබේ. 
අනවසර සංක්‍රමණිකයන්ට එරටට ඇතුළුවීමට නොහැකි අයුරින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට ට්‍රම්ප් මහතා තීරණය කර ඇත. ඔහුගේ මැතිවරණ පොරොන්දු අතරට ද මෙය එකතුවී තිබිණි.
මේ අතර ඇමරිකාව හා මෙක්සිකෝව අතර ඉදිවන තාප්පයේ වැඩ අරඹන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වලින් කියැවේ.

-022



අදහස් (0)

රටවල් 7 ක පුද්ගලයන්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම්

එරන්ද Saturday, 28 January 2017 02:23 PM

මෙවන් මිනිසුන් දකිනවිටත් හිතට දැනෙන්නේ සතුටක් (නි)

:       0       23

නිමල් ලලිත Thursday, 26 January 2017 01:58 AM

මෙන්න රටට ආදරේ ඇති ඇත්තටම ගරු යැයි කිවහැකි ජනාධිපතිතුමෙක්. දෙවනවර දිනනවාට වඩා ජාතියේ රටේ අනාගතය ගැන සිතුවා. මෙවැනි ජනපතිතුමෙක් පත්කර ගැනීමට ඡන්දය දුන් ජනතාවට ජය වේවා. එහෙත් සිංහල අපේ අවාසනාවට අපිට මෙවැනි නායකයෙක් බිහිවෙන්නේ නැහැ. (නි)

:       0       14

පේදුරු Thursday, 26 January 2017 02:27 AM

සුමුදු, නොදන්නා දේවල් කතා නොකර ඉන්න. නොදන්නා දේ දන්නවා වගේ කතාකරන එකයි මෝඩකම. (නි)

:       0       0

හිරාන් Thursday, 26 January 2017 02:39 AM

ලංකාව මේ ලැයිස්තුවට දන්නේ 2050 දී. එතකන් සතුටින් ඉමු. (නි)

:       0       1

ධම්ම Thursday, 26 January 2017 02:42 AM

පිටින් ගිහින් ඔය රටේ පදිංචිවෙලා තමන් උපන් රට හෑල්ලුවට ලක්කරන අය දවසක ඔය රටටත් කරන්නේ ඒ ටිකමයි. ඒ නිසා ඊළඟ පියවර හැටියට ඔවුනුත් ඔය රටින් පිටමං කරන්න ට්‍රම්ප් මහත්තයා. (නි)

:       0       1

මහී Thursday, 26 January 2017 02:45 AM

කවුරුත් අදහස් දාලා තියෙන්නේ ඉස්සර ජනාධිපතිවරු කළ දේවල් ගැන, ත්‍රස්තවාදයට උදවු කළ හැටි ගැන. ඇත්ත. නමුත් මේ ඉන්නේ මුළුමනින්ම වෙනස් නායකයෙක්. අපේ කට්ටිය වගේ කකුලෙන් අදින්නේ නැත්නම් මෙතුමාට ඔය කියන දේ යථාර්ථයක් බවට පත්කරන්න හැකිවේවි. (නි)

:       0       1

බමුණු Tuesday, 31 January 2017 03:39 AM

ට්‍රම්ප් මහත්තයා ඔන්න කැනඩාව පටන් අරන් . (ම)

:       0       0

බමුණු Tuesday, 31 January 2017 03:43 AM

යොහාන් මේක දවස් 90 කට දාපු නීතියක්. සදා කාලික කලත් කමක් නැත මොකද ඔය හම්බයින්ගේ කාටවත් ප්‍රයෝජනයක් නැත. ඔවුන් ත්‍රස්තවාදය හැර ලෝකෙට දීපු දෙයක් නැත (ම)

:       0       1

දිලිප් Wednesday, 25 January 2017 12:23 PM

ඔන්න කොන්ද පණ තියන නායකයෝ... කීවා කළා (බ)

:       0       9

බමුණු Wednesday, 25 January 2017 12:23 PM

ලංකාවේත් ඕක කරන්න (බ)

:       0       23

ලාල් Wednesday, 25 January 2017 12:22 PM

ලංකාවෙනුත් අයිඑස්අයිඑස් එකට සම්බන්ධකම් තිබුන අය ගැන පසුගිය දිනවල ආරංචි තිබුනා..ට්‍රම්ප් මහත්තයට ඒ ගැන මොකුත් ආරංචියක් ලැබිල නැතුව ඇති. (බ)

:       0       1

ලංකා Wednesday, 25 January 2017 12:54 PM

ට්‍රම්ප් මහත්මයා ඇමරිකාවේ සතුරන් වැඩි කර ගැනීමේ ව්‍යාපාරය දැනටමත් පටන් ගෙන වගෙයි.. (බ)

:       1       0

ධම්ම Wednesday, 25 January 2017 01:02 PM

මේ රටවල් හතෙන් ගොස් දැනට ඇමෙරිකාවේ පදිංචිවී ඉන්න අය ආපසු යවනවාද. (බ)

:       0       0

විපුල Thursday, 26 January 2017 05:33 AM

තමන්ගේ ජනතාව ගැන හිතන නායකයෙක්. එ්කට මෙහෙ. කොටි හෙවනැලි දැක දැක නොදැක්ක වගේ ඉන්නවා .(බ)

:       0       2

පකීර් Thursday, 26 January 2017 06:44 PM

ඔව් ඉතින් මොහොමඩ්ලට නම් ඉතින් ට්‍රම්ප් ප්‍රශ්නයක් තමයි. අපේ රටේ අය (නිහාල්) හිතන්නේ දඬුවම් කළාම හරි කියලා. කවුරු මොනවා කළත් ආපු කෙනා හරියට කළාම හරිනේ. (නි)

:       0       1

ලලිත් Wednesday, 25 January 2017 01:13 PM

වැඩක් නැහැ. අල්ලපු රටේ එවුන් ඇතුල් වෙලා නැහැනේ ඒ ලැයිස්තුවට? (බ)

:       0       0

ඇසළ Wednesday, 25 January 2017 01:23 PM

දිලිප් ඇයි අපේ නායකයන්ට කොන්ද පණ නැද්ද ? සංහිදියාව මාර්ගයෙන් ඉල්ලන සේරම දෙනවනේ. වෙනසකට තියෙන්නේ දෙන්නේ නැහැ කිය කියා දෙන විතරයි.(බ)

:       0       2

අජිත් Tuesday, 31 January 2017 09:05 PM

බමුණු, ළිඳේ ඉන්න මැඩියෙක් වගේ කතා කරන්න එපා! ලංකාවට වැඩිම විදේශ විනිමයක් එන්නේ ඔය රටවල් වලට ගිහිල්ලා එවන රියාල් වලින්. ඇමෙරිකාව කොච්චර කියෙව්වත් ඇමෙරිකාවේ කොටස් වෙළඳ පොළේ වැඩි ආයෝජනයක් කරලා තියෙන්නේ ඔය කියන අයම තමා (නි)

:       1       0

ටෝනි - රියාද් Wednesday, 25 January 2017 01:33 PM

ලොකුම කොමිඩිය, ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදයට වැට බඳිනවා කියනඑක. කාට කියන්නද මේවා..? (බ)

:       0       0

අරවින්ද Wednesday, 25 January 2017 01:54 PM

මේ කියන බොහෝ රටවල අභ්‍යන්තර යුද්ධ ඇතිකරන ලද්දේ ඇමෙරිකාව විසින්. මේ යුද්ධ වලින් විශාල මිනිස් ඝාතනයක් මෙන්ම, විශාල සරණාගතයින් ප්‍රමාණයක් පසුගිය කාලයේ බිහි විය. මෙවැනි තත්වයක් මත, දැන් ඇමෙරිකාව සැරසෙන්නේ තමන්ගේ අත සෝදාගැනීමටයි. (බ)

:       1       0

මංගල වේලාරත්න Wednesday, 25 January 2017 02:14 PM

සමහර අනුවණයෝ හිතන්නේ සෝඩා බෝතලේ වගේ වැඩ හොඳයි කියල මේ අයම පස්සෙ කියාවී අනේ අපෝ කියල (බ)

:       1       0

කමල් Wednesday, 25 January 2017 02:15 PM

ලංකාවත් ඇතුල් කළානම් හරි ඔය ලැයිස්තුවට.(බ)

:       0       0

චතුරි Wednesday, 25 January 2017 02:20 PM

ලැයිස්තුව දැක්කම පැහැදිලිව පේනවා. සෝමාලියාව හැර අන් සියලු රටවල ඇමෙරිකාව ත්‍රස්තවාදී ලෙස හැසිරී විනාශයට පත් කල හැටි, අමෙරිකාවෙන් මේ රටවල ජාතික ආරක්ෂාවට කළ හානිය..මෙතන බොහොම හොඳ වැඩක්, අපේ රටේ නායකන්ට කොන්ද පණ නැති බව කියන උදවියගේ කට බලාගන්න තිබ්බ ලංකාව ඔය ලැයිස්තුවට ඇතුළත් වුණා නම්. (බ)

:       0       1

සිසිර Thursday, 26 January 2017 11:44 PM

ඇමරිකාවට යහපාලනයක් ඕනෑ නම් අපේ කෙනෙක් එහෙ අරගෙන් ගිහින් නම ටිකක් වෙනස්කරලා එහෙ ජනාධිපති හැටියට පත්කරගන්න. (නි)

:       0       1

චාමර Wednesday, 25 January 2017 02:49 PM

ලංකාවේ නැගෙනහිර කොළඹ පැත්තත් බලන්න ට්‍රම්ප් මත්තයෝ මොකද අපිට දැන් නායකයෙක් නැහැ (බ)

:       0       1

නිහාල් Saturday, 28 January 2017 06:20 AM

ඒ රටවලටත් අැමරිකනුන් ඇතුළුවීම තහනම්... හරිද? රට තුළ ළඟදීම ගැටුම් ඇතිවන ලකුණු (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 25 January 2017 05:11 PM

දණින් නොනැමී දෙපයින් සිටගත් නායකයෙක් (නි)

:       0       1

යොහාන් Sunday, 29 January 2017 11:32 AM

ඒ වුණාට මේ තීරණ ප්‍රායෝගික නැහැ නේද (නි)

:       1       0

මොහොමඩ් Thursday, 26 January 2017 08:51 AM

අපට ට්‍රම්ප්ව ලොකු ප්‍රශ්නයක් වේවි. (නි)

:       1       0

හේවගේ Wednesday, 25 January 2017 05:28 PM

අපේ නායකයෝ අපිට හොඳයි (නි)

:       1       0

නිහාල් Thursday, 26 January 2017 09:29 AM

ට්‍රම්ප් මහත්තයෝ ඔය කියන රටවල්වලට බලෙන් ඇතුළුවෙලා ඒ රටවල් අස්ථාවරකළේ ඔයාලමයි.පළමුව ඒ අස්තාවරකළ නායකයින්ට රාජ්‍ය ලේකම්වරුන්ට දඩුවම් කරන්න (බ)

:       1       0

ප්‍රියාන් Wednesday, 25 January 2017 06:49 PM

ඒ එහෙනේ. මෙහෙ නම් ඕනෑ කෙනෙකුට පුලුවන් (නි)

:       0       1

රොෂාන් Friday, 27 January 2017 03:27 AM

මේ රටවල් අමුතුවෙන් අස්ථාවර කරන්න දෙයක් නැහැ. නූගත්කමයි, අන්තවාදයයි එකතු වුණාම කොහොමත් අස්ථාවරයි. (නි)

:       0       1

රුවන් Wednesday, 25 January 2017 07:44 PM

ඉතාම හොඳ තීරණයක්. අනුකම්පාව දක්වන්න හොඳම නැති ජාතියක් (නි)

:       0       1

රුවන් Wednesday, 25 January 2017 07:48 PM

ඩොනල් ට්‍රම්ප් ඉන්නාතුරු ඇමෙරිකාවේ කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවක් කරන්නේ නැහැ. (නි)

:       0       1

නිශාන්ත Friday, 27 January 2017 03:31 AM

වැඩේ හොඳයි, අපේ රටෙත් තීරණය ඕක නම්..... (නි)

:       0       1

සුනිල් Wednesday, 25 January 2017 10:21 PM

මේ මිනිසා ලෝකයේ බලවත්ම රාජ්‍යයේ විධායකයා බවට පත්කර ගැනීමේ ආදීනව අපේ බොහෝ දෙනෙකුට තේරෙන්න වැඩිකල් ගතවෙන්නේ නැහැ. (නි)

:       1       0

සුමුදු Wednesday, 25 January 2017 10:28 PM

මොනතරම් මෝඩ තීරණයක්ද? මම කිවුවේ තාප්පේ ගැන. හේතු කියන්න මේකේ ඉඩ මදි. තව ටික කාලයක් බලා ඉන්නකෝ. ඕවා නිකන් බිම්මල් වගෙයි (නි)

:       0       0

නිශාන් Wednesday, 25 January 2017 10:31 PM

අනේ මොකටද එහෙ යන්නේ ඉතින්? මොවුන් තමා ලෝකය විනාශ කරලා හොඳ මිනිස්සු වෙන්න හදන්නේ (නි)

:       0       0

චූල Wednesday, 25 January 2017 11:07 PM

අපේ නායකයන්ට මෙහම කරන්න බැහැ. ඔවුන්ට පක්ෂයේ හා ප්‍රධාන හොරු ටික රකින්න තියනවා. තීරණ ගන්න විදියක් නැහැ. (නි)

:       0       1

ටෙනිසන් Friday, 27 January 2017 08:10 PM

එහෙම තමයි නිසි සැළසුමක් ඇතුව වැඩකරන මිනිස්සු (නි)

:       0       1

ගමගේ Thursday, 26 January 2017 01:10 PM

ඒවා නියම කොන්ද පණ ඇති රටවල්! (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site