IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රටවල් 15කට ඡන්ද බලය අහිමිවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඡන්දය භාවිතා කිරීමේ අයිතිය රටවල් 15ට අහිමිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊට හේතු වී ඇත්තේ සාමාජික මුදල් නොගෙවා සිටීම බව ද එම වාර්තාවල සඳහන්ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩල සාමාජිකත්වය පවා හිමි වෙනිසියුලාව ද මෙලෙස සිය ඡන්ද බලය අහිමිකරගෙන සිටීම විශේෂත්වයකි. ඔවුන් ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 30 කි.

පසුගිය ඉරිදා වන තෙක් එක්සත් ජාතීන්ගේ සම්බාධක යටතේ පැවති ඉරානය තම සාමාජික මුදල ගෙවා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.අධික දිළිඳු බවින් පෙලෙන සහ අභ්‍යන්තර ගැටුම් පවතින රටවල් පහක් සාමාජික මුදල් ගෙවීමෙන් නිදහස් කර ඇත.



අදහස් (0)

රටවල් 15කට ඡන්ද බලය අහිමිවෙයි

සනත් ගුනවර්දන ස්විස් Sunday, 24 January 2016 11:54 AM

එක්සත් ජාතීන්ගේ සංවිධානය වර්තමානයේ දිළිඳු රටවලට සුදු අලියෙක් වැනිය , එකසත් ජාතීන්ගේ සංගමය කටයුතු කරන්නේ ඇමරිකාව සහ බටහිර යුරෝපයට අවශ්‍ය අන්දමට පමණක් බව නොකියා බැරිය , එක්සත් ජාතීන්ගේ සංගමය වෙනුවට තුන් වන ලෝකයේ රටවලට යහපතක් වෙන විකල්ප සංවිධානයක් අවශ්‍ය කාලයක් පැමිණ තිබෙන්නේ. (ර)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Saturday, 23 January 2016 06:21 PM

මානුෂික හේතුන් මත සාමාජික ගාස්තු ගෙවීමෙන් නිදහස් කර තිබීම සාධාරණ වේ. නමුත් අතිවිශාල තෙල් සම්පතකින් දායාදලත් වෙනිසියුලාව වැනි රටක් සාමාජික මුදල් නොගෙවන්නේ එරටේ "බලය" පෙන්වීමට මිස නැතිබැරිකමට නොවේ. වෙනිසියුලාව, ලොව තෙල් අපනයන කරන ඔපෙක් සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙක් වන අතර ඔවුන් ගෙවිය යුතු මුදල වන ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 30, එක දිනකදී තෙල් අපනයන කිරීමෙන් ලබන ආදායමෙන් ඉතාම සුළු කොටසක් පමණකි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 538 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1691 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site