එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඡන්දය භාවිතා කිරීමේ අයිතිය රටවල් 15ට අහිමිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊට හේතු වී ඇත්තේ සාමාජික මුදල් නොගෙවා සිටීම බව ද එම වාර්තාවල සඳහන්ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩල සාමාජිකත්වය පවා හිමි වෙනිසියුලාව ද මෙලෙස සිය ඡන්ද බලය අහිමිකරගෙන සිටීම විශේෂත්වයකි. ඔවුන් ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 30 කි.
පසුගිය ඉරිදා වන තෙක් එක්සත් ජාතීන්ගේ සම්බාධක යටතේ පැවති ඉරානය තම සාමාජික මුදල ගෙවා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.අධික දිළිඳු බවින් පෙලෙන සහ අභ්‍යන්තර ගැටුම් පවතින රටවල් පහක් සාමාජික මුදල් ගෙවීමෙන් නිදහස් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතීන්ගේ සංවිධානය වර්තමානයේ දිළිඳු රටවලට සුදු අලියෙක් වැනිය , එකසත් ජාතීන්ගේ සංගමය කටයුතු කරන්නේ ඇමරිකාව සහ බටහිර යුරෝපයට අවශ්‍ය අන්දමට පමණක් බව නොකියා බැරිය , එක්සත් ජාතීන්ගේ සංගමය වෙනුවට තුන් වන ලෝකයේ රටවලට යහපතක් වෙන විකල්ප සංවිධානයක් අවශ්‍ය කාලයක් පැමිණ තිබෙන්නේ. (ර)
මානුෂික හේතුන් මත සාමාජික ගාස්තු ගෙවීමෙන් නිදහස් කර තිබීම සාධාරණ වේ. නමුත් අතිවිශාල තෙල් සම්පතකින් දායාදලත් වෙනිසියුලාව වැනි රටක් සාමාජික මුදල් නොගෙවන්නේ එරටේ "බලය" පෙන්වීමට මිස නැතිබැරිකමට නොවේ. වෙනිසියුලාව, ලොව තෙල් අපනයන කරන ඔපෙක් සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙක් වන අතර ඔවුන් ගෙවිය යුතු මුදල වන ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 30, එක දිනකදී තෙල් අපනයන කිරීමෙන් ලබන ආදායමෙන් ඉතාම සුළු කොටසක් පමණකි. (නි)