විදෙස් ගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් සහ ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ පරමාර්ථයෙන් ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ‘රටගිය ඇත්තෝ‘ සංවිධානය  මේ වනවිටත් රටවිරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපනය කිරීම සඳහාත්, තීරු බදු රහිත වාහන, ඡන්ද බලය වැනි වැදගත් අයිතිවාසිකම් සහ අනිකුත් සුබ සාධන කටයුතු සඳහාත් රජයට බල කිරීම සදහා සැලකිය යුතු වැඩ කොටසක් කරමින් සිටින අතර මැදපෙරදිග ඇතුළු ලෝකයේ අනිකුත් රටවල රැකියාවන් කරන ශ්‍රී ලාංකිකයින් ලියාපදිංචි කිරීම ආරම්භ කර  ඇත.

ඒ සඳහා විදෙස් ගත අයගේ තොරතුරු නම, ගමන් බලපත් අංකය , දැනට රැකියාව කරන රට, ශ්‍රී ලංකාවේ ලිපිනය, ඔබ වෙනුවෙන් සහභාගි විය හැකි අයකුගේ නම සහිතව

 [email protected] හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයන්ට එවන ලෙසත් නැතිනම් රටගිය ඇත්තෝ, තැපැල් පෙට්ටිය 28 , කටුනායක, ශ්‍රී ලංකාව යන ලිපිනයට එවන මෙන් එම සංවිධානය දැනුම් දෙයි.