
රටේ ඉන්ධන මිල ඉහළ ගියේ ධුරයෙන් නෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජයේ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා බවත්, තම රජයට ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවූයේ රට බංකොලොත්වීම වළක්වා ගැනීමට බවත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසයි.
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූයේ රටේ පිරිහී ඇති ආර්ථිකය ගොඩගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දුන් උපදෙස් අනුව යැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
න්‍යෂ්ටික බලවතකු ද වන පාකිස්තානය මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. රුසියන් යුක්රේන යුද්ධය ද ඊට එක් හේතුවක් වී ඇති බව පැවැසෙයි.
අර්බුදය අවසන් කිරීමේ අරමුණින්, පාකිස්තානය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂා කර තිබේ. ඒ අනුව, ෂෙහ්බාස්ගේ රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සහ නිර්දේශ අනුව ආර්ථික වැඩපිළිවෙලක් සකස් කර ඇත.
2019 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කරන ලද ඩොලර් බිලියන 6 ක ආධාර පැකේජය නැවත ආරම්භ කිරීම පාකිස්තාන රජයේ අපේක්ෂාව බව පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
533
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1688
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රට බංකොලොත් වෙන්න දෙන්න බෑ