IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රජවූ සතුටට අත දිග හැර බෙදයි

අභිනවයෙන් සෞදි අරාබියේ රජ පුටුවට පත්වූ සල්මන් අබ්දුල්ලාසිස් අල් සවුද් රජු එය සමරනු වස් සෞදි අරාබි ජනතාවට පවුම් බිලියන 21 ක පමණ මුදලක් බෙදාදී තිබේ.

වැටුප් වැඩිවීම් හා වෙනත් දීමනා ලෙස මෙම මුදල ජනතාවට ලබාදීම සිදුව තිබෙන අතර සාහිත්‍ය සංගම්,කී‍්‍රඩා සංගම් ආදියටද නොමසුරුව මුදල් ප‍්‍රදානය කර ඇත.

‘මාගේ ජනතාවනි,ඔබලාට මීට වඩා දෙයක් ලැබිය යුතුයි. මා කුමක් කළත් මට ඔබලාගේ වටිනාකම හා සමවන දෙයක් කළ නොහැක‘. යැයි සල්මන් රජු ඔහුගේ ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

නොසිතූ ලෙස පෑදුණු මෙම වාසනාවෙන් සෞදි ජනතාව කුල්මත්ව සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.ඇතැමෙක් නව ජංගම දුරකථන,ආභරණ ආදියට මුදල් වියදම් කරද්දී තවත් අය තම පළමු බිරිය හෝ දෙවැනි හෝ තෙවන බිරිය කැන්දාගෙන ඒමට මුදල් වෙන්කරගෙන සිටින බව එම වාර්තාවන්ගේ දැක්වේ.

නව රජු සල්මන් බලයට පත්වූයේ තම සොහොයුරා වූ අබ්දුල්ලාහ් නිව්මෝනියාවෙන් දීර්ඝ කාලයක් පීඩාවිදීමේ ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය මාසයේදී මරණයට පත්වීමත් සමගය.ඔහු මියයන විට 90 වැනි වියේ පසුවිය.

අබ්දුල්ලා රජු බලයට පත්වූ 2005 වසරේදීද එය සැමරීමට ඔහුද මෙලෙසම විශාල මුදලක් සෞදි ජනතාව අතර බෙදා හැරීමට කටයුතු කළේය.

කෙසේවුවත් ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ මෙසේ අධික මුදල් ප‍්‍රමාණයක් එකවර ජනතාව අතර බෙදා දීමේ පිළිවෙත නතර කිරීමට ඉදිරි සෞදි නායකයින් කටයුතු කළ යුතු බවය.ලෝක වෙළදපොලේ තෙල් මිල අස්ථාවර හෙයින් මුදල් උපයා ගැනීම දුෂ්කර වෙමින් පවතින සමයක සෞදි අරාබිය මෙසේ ඔවුන්ගේ මුදල් සංචිත දියකර හැරීම අනාගතයට කිසිසේත්ම යහපත් නොවන බව ඔවුන් පෙන්වා දේ.



අදහස් (0)

රජවූ සතුටට අත දිග හැර බෙදයි

ගුණේරත්න Sunday, 01 March 2015 04:37 PM

චන්දන, ඔයා දන්න දේ ගැන හිතාගන්න පුලුවන් (නි)

:       0       0

යහම්පත් Saturday, 28 February 2015 12:22 PM

කොහොම වුණත් ඔය සල්ලි ජනතාවට අයිති සල්ලි. (නි)

:       0       0

කපු Monday, 02 March 2015 12:15 PM

අපේ හිටපු මහින්ද රජු අපිට දුන්නද ? (නදී)

:       0       0

නසාර් Sunday, 01 March 2015 07:41 PM

"මාගේ ජනතාවනි,ඔබට මීට වඩා දෙයක් ලැබිය යුතුයි. මා කුමක් කළත් මට ඔබගේ වටිනාකම හා සමවන දෙයක් කළ නොහැක" කොච්චර උතුම් කියමනක්ද?

:       0       0

නුවන් Friday, 27 February 2015 07:17 PM

හා හා මේවට හුරේ දාන්න එපා. ඕවා කපටි වැඩ. (නදී)

:       0       0

කැනඩා දිසා Friday, 27 February 2015 04:24 AM

ඒකට අපේ අයියලා ඇවිල්ලා, රජ වෙලා , කෙරුවේ හොරකමමයි. (නදී)

:       0       0

ඉලේපෙරුම Monday, 02 March 2015 02:44 AM

සෞදියේ තවම පවතින්නේ අපේ රටේ පැරණි රජවරුන්ගේ කාලයේ පැවති පාලනයට සම තත්ත්වයේ පාලනයක්. රාජ්‍ය ආදායම රජුගේ හිතුවක්කාර පාලනයට යටත්. එංගලන්තයේ රාජ්‍ය ආදායම පාලනය කරන්නේ රජතුමා නොව පාර්ලිමේන්තුවයි. තෙල් නිධි ආදායම් පවතින තෙක් සෞදි රජවරුන්ට මෙවැනි සෙල්ලම් කළහැකියි. ඉන්පසු මෙවැනි රටවල් කඩා වැටෙනවා. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Friday, 27 February 2015 05:18 AM

ඕකට තමයි කියන්නේ "බෙදා හදා ගෙන කනවා කියල" (නදී)

:       0       0

සමන් පෙරේරා සෞදි Thursday, 26 February 2015 02:44 PM

සෞදි රජතුමාට ස්තුතිය අපට මාසයක වැටුපක් ලබාදුන්නා (අ)

:       0       0

ඉලේපෙරුම Saturday, 28 February 2015 04:22 AM

සවුදියේ තවම පවත්න්නේ අපේ රටේ පැරණි රජවරුන්ගේ කාලයේ පැවති පාලනයට සම තත්ත්වයේ පාලනයක්. රාජ්‍ය ආදායම රජුගේ පාලනයට යටත්. එංගලන්තයේ රාජ්‍ය ආදායම පාලනය කරන්නේ රජතුමා නොව පාර්ලිමේන්තුවයි. තෙල් නිධි පවතින තෙක් සවුදි රජවරුනට මෙවැනි සෙල්ලම් කළ හැකියි. ඉන්පසු මෙවැනි රටවල් කඩා වැටෙනවා. (ර)

:       0       0

සන්ජය Thursday, 26 February 2015 05:31 AM

අපිට ඕනේ මේ වගේ සල්මන්ලා (නදී)

:       0       0

චන්දන Saturday, 28 February 2015 05:06 AM

ඔය මිනිසුන්ගේ මුතුන් මිත්තන් ගේ හූරගත් ධනයම තමයි බෙදන්නේ. (බ)

:       0       0

ඉලේපෙරුම Saturday, 28 February 2015 05:07 AM

සවුදියේ තවම පවත්න්නේ අපේ රටේ පැරණි රජවරුන්ගේ කාලයේ පැවති පාලනයට සම තත්ත්වයේ පාලනයක්. රාජ්‍ය ආදායම රජුගේ හිතුවක්කාර පාලනයට යටත්. එංගලන්තයේ රාජ්‍ය ආදායම පාලනය කරන්නේ රජතුමා නොව පාර්ලිමේන්තුවයි. තෙල් නිධි ආදායම් පවතින තෙක් සවුදි රජවරුනට මෙවැනි සෙල්ලම් කළ හැකියි. ඉන්පසු මෙවැනි රටවල් කඩා වැටෙනවා. (බ)

:       0       0

සොපී Thursday, 26 February 2015 06:20 AM

මෙයාව දවසකට හරි මෙහාට ගෙනල්ලා රජ කරවමුද? (නි)

:       0       0

දුමින්ද Monday, 02 March 2015 04:32 AM

ඔහොම පරණ පිනක් කඩන් වැටුනා අපේ රටෙත් හිටපු පරන අගමැති කෙනෙකුට (නදී)

:       0       0

ගුණේරත්න Thursday, 26 February 2015 04:43 PM

ඒකට අනෙක් අය! නැති ඔටුන්නක් පැළඳගෙන රජවෙන්නයි බලන්නේ. අත දිගහැරලා හොඳට හොරකම් කරගන්නයි බලන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 448 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site