නවසීලන්ත රාජ්‍ය සේවයට වැටුප් ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට එරට රජය පියවර ගෙන ඇත.
ඒ අනුව නවසීලන්ත ඩොලර් 100,000කට වැටුපක් ලබාගන්නා රාජ්‍ය සේවකයන්ට ඉදිරි වසර තුනක කාලයේ දී කිසිදු වැටුප් වැඩිවීමක් සිදු නොවන අතර නවසීලන්ත ඩොලර් 60,000ක් හෝ ඊට වැඩි වැටුපක් ලබන රාජ්‍ය සේවකයන්ට අති විශේෂ තත්ත්ව හෝ සුවිශේෂී කරුණුවලට පමණක් අදාළව වැටුප් වැඩි කෙරෙන බව ද නවසීලන්ත රජය සඳහන් කරයි.
‘කොවිඩ්-19’ වසංගත තත්ත්වය හේතුවෙන් වැටුප් වැඩි කිරීමක් හෝ අවම වැටුප් වැඩිවීමක් ලබාගන්නා ලෙස නවසීලන්ත රජය පසුගිය වසරේදී එරට රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
කෙසේ නමුත් වැටුප් ප්‍රතිසංස්කරණ ද ඇතුළුව නවසීලන්ත රාජ්‍ය සේවයට හඳුන්වා දී තිබෙන වෙනස්කම් එරට රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම මහජනතාවගේ ද විරෝධයට හේතු වී තිබේ.
‘කොවිඩ්-19’ වසංගත තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් ඇති වූ ණය තත්ත්වය අඩු කරගැනීම සඳහා මෙම වැටුප් වැඩි කිරීම් අත්හිටුවීමේ තීරණය ගෙන ඇති බව ද නවසීලන්ත රජය සඳහන් කරයි.
මෙම වැටුප් වැඩි වීම් අත්හිටුවීම නවසීලන්තය ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආරක්ෂා කරගැනීම සඳහා වසරක් වෙහෙස නොබලා සේවය කළ රාජ්‍ය සේවකයන්ට දඬුවම් දීමක් යැයි නවසීලන්තයේ ආණ්ඩුව විවේචනය කරමින් එරට රාජ්‍ය සේවකයන්ගේ සංගමය සඳහන් කළේය.
නිව්සීලන්ඩ් හෙරල්ඩ් ඇසුරිනි
2025 නොවැම්බර් මස 04
694
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2364
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රතිසංස්කරණයට