
ජර්මානු රජය පෙරළීමට කැරැල්ලක් දියත් කිරීමට උත්සහ කිරීම හේතුවෙන් ජර්මානු රජ පෙළපතකින් පැවැතෙනවා යැයි පවසන, දහතුන්වෙනි හෙන්රික් ලෙස හඳුන්වා ගන්නා පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් 25 දෙනෙකු ජර්මානු පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් එම පුද්ගලයන් 25 දෙනාගෙන් 22 දෙදෙනෙකු කැරැල්ල සැලසුම් කළ අය බවත් 3 දෙනෙකු අනුබල දුන් අය බවත් ජර්මානු පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මෙම කණ්ඩායම 50 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් බවත් තවත් සැකකරුවන් 27 දෙනෙකු සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් ජර්මානු පොලිසිය පවසයි.
දහතුන්වෙනි හෙන්රික් කුමරු ජර්මනියේ 12 වෙනි සියවසේදී ආරම්භ වූ රෝස් රජ පෙළපතෙන් පැමිණෙන්නෙකු බව පැවැසෙයි.රෝස් පෙළපතේ පාලනය 1918 ජර්මානු විප්ලවය තෙක් වසර සිය ගණනක් දිව යයි.
1951 වසරේ දෙසැම්බර් 4 වැනිදා උපන් මොහු ෆ්‍රෑන්ක්ෆර්ට් හි දේපළ වෙළඳාම් ව්‍යවසායෙකු වේ.සූසන් ජලාලි නම් ඉරාන ජාතික කාන්තාවක සමග මොහු විවාහ වී ඇත.විවාහයෙන් පසු සූසන් රෝස් කුමරිය ලෙස ඇයව හඳුන්වන බව පැවැසේ.දහතුන්වෙනි හෙන්රික් සහ සූසන් හට පුත්‍රයෙකු සිටී.
මොහු නායකත්වය ලබා දෙන අන්ත දක්ෂිණාංශික කණ්ඩායම, ආයුද සන්නද්ධව ජර්මානු පාර්ලිමේන්තුවට ඇතුළු වී ආණ්ඩුව පෙරළීමට සැලසුම් කර තිබූ බව ජර්මානු පොලිසිය පවසයි.ආණ්ඩුව පෙරළීමෙන් පසු දහතුන්වෙනි හෙන්රික්ගේ නායකත්වයෙන් යුත් කවුන්සිලයක් යටතේ පාලනය කිරීමට මෙම කණ්ඩායම සුදානම්ව සිට ඇතැයි ජර්මානු පොලිසිය පවසයි.
කවුන්සිලයට බඳවා ගැනීම සඳහා මෙම වසරේදී අවස්ථා හතරකදී බඳවා ගැනීම් පරීක්ෂණ දහතුන්වෙනි හෙන්රික් නමින් හඳුන්වා ගන්නා පුද්ගලයා පවත්වා ඇතැයි විමර්ශන වලදී අනාවරණය වූ බව ජර්මානු පොලිසිය පෙන්වා දී තිබේ.
මෙම පුද්ගලයන් අත් අඩංගුවට ගත් මෙහෙයුම සඳහා ජර්මානු පොලිස් නිලධාරීන් 3000 ක් සහභාගී වී ඇති අතර ෆෙඩරල් ප්‍රාන්ත 11 ස්ථාන 130 ක් සෝදිසි මෙහෙයුම් දියත් කිරීමෙන් අනතුරුව මෙම 25 දෙනා අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා තම දහතුන්වෙනි හෙන්රික් කුමරු ලෙස හඳුන්වා ගත්තත් එය තහවුරු කිරීමට කිසිඳු සාක්ෂියක් නොමැති බව ජර්මන් බලධාරීන් පවසයි.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
442
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජය පෙරළන්න හැදූ කුමරා දැලේ