IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රජයේ ප්‍රහාරයෙන් 72ක් මරුට

සිරියා රජයේ හෙලිකොප්ටරයකින් හෙලන ලද බැරල් බෝම්බ හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 72කු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ බොම්බ දමා ඇතතේ සිරියාවේ ඇලෙප්පෝ ප්‍රදේශයටය.

සිරියාවේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන මේ ප්‍රහාරය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකිමින් පවසන්නේ සිරියා රජය සිදුකළ දරුණුතම සංහාරය මේ ප්‍රහාරය බවයි. පැරණි පැල්මරා නගරය සමීපයේ පිහිටි ටැඩ්මර් බන්ධනාගාරය අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් පුපුරුවා හැර ඇත.

මෙම බන්ධනාගාරය දශක ගණනාවක් තිස්සේ  සිරියාවේ පාලනයේ සංකේතයක් විය. මෙහි දේශපාලන සිරකරුවන් දහස් ගණනක් සිරගත කර තිබිණි. මොවුන් වසර ගණනක් තිස්සේ වද හිංසා සහ නොයෙක් රෝග වලට ගොදුරුවු අය බව වාර්තා වල දැක්වේ.

බැරල් බෝම්බ ප්‍රහාරයෙන් අනතුරට පත්වු අය කුඩා කැබලි වලට කැඩි ගොස් ඇතැයිද, කඩසාප්පු සහ වාහන විශාල ප්‍රමාණයක් විනාශ වි ඇතැයි ද වාර්තවල දැක්වේ.

ප්‍රහාරයෙන් වැඩි වශයෙන් මියගොස් ඇත්තේ පිරිමින් ය. ඊට හේතුව අයිඑස් ත්‍රස්තයන්ගේ ග්‍රහණයේ පවතින මෙවැනි ප්‍රදේශවල ස්ත්‍රීන් එලි මහනේ වැඩි ගැවසිමක් දක්වන නොමැති වීමයි.

සිරියා රජයේ හමුදා විසින් බැරල් බෝම්බ ප්‍රහාර රටේ විවිධ ප්‍රදේශවලට සෑම දිනකට එල්ල කරණ බව මාධ්‍ය වාර්තා හෙලි කරයි.

මෙම බැරල් බෝම්බ වල පිපිරුම් ද්‍රව්‍ය සමග උණ්ඩ කැබලි සහ ඇතැම් විට ක්ලෝරින් ද අඩංගු වෙයි.

එක්සත් ජාතින්ගේ ආරක්ෂක ප්‍රඥප්තියට අනුව යුධ කටයුතු වලට බැරල් බෝම්බ යොදා ගැනීමට හැකියාවක් නොමැත.



අදහස් (0)

රජයේ ප්‍රහාරයෙන් 72ක් මරුට

ශාන් සෞදි Sunday, 31 May 2015 06:54 AM

දැන් මේ සියලු ප්‍රඥප්ති නීති තියෙන්නේ රජයේ හමුදා වලට විතරද ත්‍රස්තවාදීන්ට හා ඇමරිකාවට මේවා බලපාන්නේ නැද්ද ? ත්‍රස්තවාදීන්ට ඔවුන්ට ඕනේ විනාශකාරී යුද උපකරණයක් භාවිතා කළ හැකි සේම යුරෝපයේ ඕනෙම රටකට ප්‍රඥප්තියෙන් පිටස්තර තහනම් කියන්නාවූ යුද අවියක් ත්‍රස්තවාදීන්ට ලබා දීමට අවසර ලබාදී ඇත්තේ කෙසේද ? ත්‍රස්තවාදය ලෝකයෙන් පන්නා දැමීමට ඉඩ නොදෙන්නේ යුරෝපය හා ඇමරිකාවයි ඔවුන්ට අවශ්‍ය වන්නේ ලෝකයේ කොතැනක හෝ යුද්ධයක් ඇතිකර ඔවුන්ගේ උපකරණ වෙළදාම තර ගැනීමටයි ඔවුන්ට එරෙහි වන ඕනෙම රටකට හෝ හිස නොනමන ඕනෙම කෙනෙකුට පහරදීම රටක් වුවද විනාශ කිරීමට ඔය කියන කිසිදු ප්‍රඥප්තියක් බලපාන්නේ නැත අනේ මානව හිමිකම් කියන ආයතනයද ගොරව ගොරව නිදියනු ඇත ආසියාතික හෝ අරාබිකර රටක් මෙවැන්නක් කළොත් උන් හීනෙන් අවදිවී මේක කතා කරනු ඇත ලෝකයේ නියම ත්‍රස්තවාදීන් කවුරුන්ද යන්න ලෝකය හොදින් අවබෝධ කර ගත යුතුය (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site