සිරියා රජයේ හෙලිකොප්ටරයකින් හෙලන ලද බැරල් බෝම්බ හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 72කු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ බොම්බ දමා ඇතතේ සිරියාවේ ඇලෙප්පෝ ප්‍රදේශයටය.

සිරියාවේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන මේ ප්‍රහාරය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකිමින් පවසන්නේ සිරියා රජය සිදුකළ දරුණුතම සංහාරය මේ ප්‍රහාරය බවයි. පැරණි පැල්මරා නගරය සමීපයේ පිහිටි ටැඩ්මර් බන්ධනාගාරය අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් පුපුරුවා හැර ඇත.

මෙම බන්ධනාගාරය දශක ගණනාවක් තිස්සේ  සිරියාවේ පාලනයේ සංකේතයක් විය. මෙහි දේශපාලන සිරකරුවන් දහස් ගණනක් සිරගත කර තිබිණි. මොවුන් වසර ගණනක් තිස්සේ වද හිංසා සහ නොයෙක් රෝග වලට ගොදුරුවු අය බව වාර්තා වල දැක්වේ.

බැරල් බෝම්බ ප්‍රහාරයෙන් අනතුරට පත්වු අය කුඩා කැබලි වලට කැඩි ගොස් ඇතැයිද, කඩසාප්පු සහ වාහන විශාල ප්‍රමාණයක් විනාශ වි ඇතැයි ද වාර්තවල දැක්වේ.

ප්‍රහාරයෙන් වැඩි වශයෙන් මියගොස් ඇත්තේ පිරිමින් ය. ඊට හේතුව අයිඑස් ත්‍රස්තයන්ගේ ග්‍රහණයේ පවතින මෙවැනි ප්‍රදේශවල ස්ත්‍රීන් එලි මහනේ වැඩි ගැවසිමක් දක්වන නොමැති වීමයි.

සිරියා රජයේ හමුදා විසින් බැරල් බෝම්බ ප්‍රහාර රටේ විවිධ ප්‍රදේශවලට සෑම දිනකට එල්ල කරණ බව මාධ්‍ය වාර්තා හෙලි කරයි.

මෙම බැරල් බෝම්බ වල පිපිරුම් ද්‍රව්‍ය සමග උණ්ඩ කැබලි සහ ඇතැම් විට ක්ලෝරින් ද අඩංගු වෙයි.

එක්සත් ජාතින්ගේ ආරක්ෂක ප්‍රඥප්තියට අනුව යුධ කටයුතු වලට බැරල් බෝම්බ යොදා ගැනීමට හැකියාවක් නොමැත.