IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රැජිනට ගෞරව දක්වන්න කිලෝ මීටර් ගණන් පෝළිම්

ස්කොට්ලන්තයේ සිට එංගලන්තයේ ලන්ඩන් අගනුවරට රැගන ආ දෙවැනි එලිසබත් මහ රුජිනගේ දේහය, මේ වනවිට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර, රැජිනට අවසන් ගෞරව දැක්වීමට පැමිණි පිරිස් අව්ව වැස්සප නොතකා කිලෝ මීටර් 4 කට වඩා වැඩි පෝළිම්වල රැඳී සිටිති.

දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවසන් කටයුතු ලබන 19 වැනිදා වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදී පැවැත්වීමට නියමිත බව පැවැසෙයි. විදෙස් රාජ්‍ය නායකයන් ඇතුළු ලොව නන්දෙසින් සම්භාවනීය අමුත්තන් 2,000 කට වැඩි පිරිසක් ඊට සහභාගී වීමට නියමිතය.

ඊට අමතරව, අවමංගල්‍යයට සහභාගී වීමට නියමිත රජ පවුලේ සාමාජිකයන් ගණන 500 ට වැඩිය. රැජිනගේ අවමංගල කටයුතු ශ්‍රී ලංකාවේ වේලාවෙන් ලබන 19 වැනිදා සවස 3.30 ට ආරම්භ වනු ඇත.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ජනාධිපති ආර්යාව ජිල් බයිඩන්,  නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් ඉයෝල්, බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ, ඉතාලි ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා, යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලින් ද පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායකයන් ඇතුළු නියෝජිතයන් ද අවමංගල්‍යයට සහභාගී වන බව දැනුම් දි තිබේ.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හෝ බෙලරූස් රාජ්‍යයේ සහ මියන්මාරයේ නියෝජිතයන් හෝ අවමංගල්‍යයට සහභාගී නොවන බවත්, ඔවුන් කිසිවකුට බකිංහැම් මාලිගයෙන් ඇරැයුම් ලැබී නොමැති බවත් පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

රැජිනට ගෞරව දක්වන්න කිලෝ මීටර් ගණන් පෝළිම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2226 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site