
දෙවැනි එලිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා ලබා දුන් කාලය ලන්ඩන් වේලාවෙන් උදේ 6.30 ට අවසන් විය. දින ගණනාවක් පෝලිමේ රැඳී සිටිමින් මහ රැජිනට අවසන් ගෞරව දැක්වූ ගණන ලක්ෂ 4 ට වැඩිය.
පැය ගණනක් පෝලිමේ සිට රැජිනට අවසන් ගෞරව දැක්වූ අවසන් තැනැත්තා බවට පත් වූයේ රාජකීය ගුවන් හමුදා නිලධාරිනියක ලෙස ද කටයුතු කළ ක්‍රිස්ටිනා හීරේයි නැමැත්තියයි.
රැජිනට අවසන් ගෞරව දැක්වීමෙන් පසු ක්‍රිස්ටිනා හීරේයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ, රැජිනට අවසන් ගෞරව දැක්වූ අවසන් පුද්ගලයා වීමට තමන්ට හැකිවීම ඓතිහාසික බවය.
(ඩේලිමේල්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ සම්පත් හුරගෙන කාපු එවුන්ට උන්ගේ රැජිනට ගරු කරන්න ඕනිද?