IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රැජිනගේ දේහය බකිංහැම් මාලිගයට

ස්කොට්ලන්තයේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවරට රැගෙන ආ දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය, ඇගේ පුතු තෙවැනි චාල්ස් රජු සහ රජ පවුලේ සාමාජිකයන් විසින් බාරගනු ලැබූ අතර, මේ වනවිට එය මහජන ගෞරවය සඳහා බකිංහැම් මාලිගයේ තැන්පත් කර තිබේ.

දේහය රිය පෙරහරකින්, බකිංහැම් මාලිගය වෙත රැගෙන එද්දී මහ වැසි ඇද හැලෙන්න විය. වැස්සෙන් බාධා වුවත්, දස දහස් ගණනක් දෙනා වීදි දෙපස රැස්වෙමින් මහ රැජිනට සොව පළ  කළහ.

එලිසබත් මහ රැජිනගේ අවසන් කටයුතු ලබන 19 වැනිදා ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ දී සිදුවෙයි.

96 හැවිරිදි එලිසබත් මහ රැජින අභාවප්‍රාප්ත වූයේ පසුගිය 8 වැනිදාය. ඒ වනවිට අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඇය බකිංහැම් මාලිගයෙන් බැහැර වී, ස්කොට්ලන්තයේ ඇයට අයත් බැල්මොරාල් මාලිගයේ ජීවත් වූවාය.

මහ රැජිනගේ දේහය පළමුවෙන් බැල්මොරාල් මාලිගයේ සිට ස්කොට්ලන්තයේ එඩින්බරෝ අගනුවර ශාන්ත ගිලිස් දෙව්මැදුරට ගෙන ඒම සිදුවිය. ඒ පැය 6 ක ගමනකින් පසුවය. ශාන්ත ගිලිස් දෙව්මැදුරේ දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරුණු අතර එය ලන්ඩන් අගනුවරට ගෙන ඒම සිදුවූයේ ඒ අනුවය.

(රොයිටර්)



අදහස් (0)

රැජිනගේ දේහය බකිංහැම් මාලිගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2226 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site