දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල්‍යයට ඇරැයුම් නොකිරීම සම්බන්ධයෙන් රුසියාව, බ්‍රිතාන්‍යයට රජයට දොස් නගයි.
බ්‍රිතාන්‍ය රජය, දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල්‍යය සඳහා රටවල් රැසක ලෝක නායකයන්ට ඇරැයුම් කර ඇති නමුත් රුසියාවට ඇරැයුම් නොකළේ රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගයට අප්‍රසාදය පළ කරමිනි.
මේ වනවිට ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් රුසියාවට සම්බාධක පැනැවීමක් ද කර තිබේ. එලිසබත් මහ රැජිනගේ අවමංගල්‍යයට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ඇරැයුම් නොකිරීම සම්බන්ධයෙන් දොස් නගමින් රුසියන් රජය පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය රජය ගත් එම තීරණය සදාචාරාත්මක නොවන බවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd