නවදිල්ලිහිදීය (රොයිටර්)
නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බව ඉන්දීය ද්‍රවිඩ සිනමාවේ සුප්‍රකට නළුවකු වන රැජිනිකාන්ත් අද (31) ප්‍රකාශ කළේය.
රැජිනිකාන්ත් තමිල්නාඩු ප්‍රාන්තයෙන් දේශපාලනයට අත්පොත් තබන්නේ සිනමා තරු ප්‍රාන්ත මහ ඇමැතිධුරයට පත්වීමේ ඉතිහාසයත් හිමි තමිල්නාඩු ප්‍රාන්තයෙනි.
ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී ප්‍රාන්තයේ මහ ඇමැතිනිය ලෙසින් කටයුතු කළ ජයලලිතා ජයරාම්ගේ අභාවයත් සමඟ ප්‍රාන්තයේ දේශපාලනය අවුලෙන් අවුලට ගියේය. දේශපාලනයට පිවිසීමට පෙර ජයලලිතා ජයරාම් ද ජනප්‍රිය චිත්‍රපට නිළියකි.
සිනමා රසිකයන් ‘සුපර්ස්ටාර්’ ලෙසින් හඳුන්වන රැජිනිකාන්ත් දේශපාලනයට පිවිසෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමිල්නාඩු ප්‍රාන්තය තුළ භාරතීය ජනතා පක්ෂයට ස්ථාවර ස්ථානයක් ලබාගැනීමේ උත්සහායක නිරත වන අවස්ථාකදීය. දශක ගණනාවක් මුළුල්ලේ තමිල්නාඩු ප්‍රාන්තයේ බලය හොබවන්නේ ප්‍රාන්තය කේන්ද්‍ර කරගත් ‘ද්‍රවිඩ මුනේත්‍ර කලගම්’ සහ ‘ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කලගම්’ යන පක්ෂ දෙකය.
පසුගිය දශක පහක කාලයේදී තමිල් ප්‍රාන්තයේ බලය එම ද්‍රවිඩ පක්ෂ දෙක අතර හුවමාරු විය. එම පක්ෂ දෙකම අනාගමික සහ කුල විරෝධී සමාජ සාධාරණත්වය තම ප්‍රධාන මතවාදය බවට පත් කරගෙන තිබේ.
පසුගිය වසරේ පැවැති ප්‍රාන්ත මැතිවරණයේදී ඉන්දීය අගමැතිවරයා නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයට තමිල්නාඩු ප්‍රාන්තයේ කිසිදු ආසනයක් දිනාගැනීමට නොහැකි වූ අතර මීළඟ ප්‍රාන්ත මහ මැතිවරණය වසර 2021 දී පැවැත්වීමට නියමිතය.
“ආගමික හෝ කුල භේදයකින් තොරව මා දේශපාලනයට පිවිසෙනවා. මා බලයට පැමිණි වසර තුනක් ඇතුළත් කිසිවක් කළ නොහැකි වුවහොත් බලයෙන් ඉවත් වෙනවා. ප්‍රාන්තයේ ප්‍රජාතන්ත්‍රවාදය අවුල් සහගත තත්ත්වයකට පත්වෙලා” යැයි රැජිනිකාන්ත් කීය.
සිනමාව හා දේශපාලනය එකිනෙකට වෙනස් යැයි රැජිනිකාන්ත්ගේ දේශපාලන සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විවිධ කොටස් පෙන්වා දී තිබේ.
මිලියන 70කට වඩා වැඩි ජනගහනයක් සිටින තමිල්නාඩු ප්‍රාන්තය බී.එම්.ඩබ්ලව්, ජෙනරල් මෝටර්ස්, නිසාන්, රෙනෝල්ට්, ෆෝර්ඞ්, හයිඋන්ඩායි ආදී ලෝ ප්‍රකට මෝටර් රථ සමාගම් රැසකම කර්මාන්තශාලාවලට නිවහන වී තිබේ. ඉන්දියාවේ මෝටර් රථ අපනයනවලින් වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන්නේ ද තමිල්නාඩු ප්‍රාන්තයයි. එම නිසාම තමිල්නාඩු ප්‍රාන්තය ඉන්දියාවේ මෙන්ම ඇතැම් අවස්ථාවලදී ආසියාවේ ද මෝටර් රථ නිෂ්පාදන කේන්ද්‍රස්ථානය යනුවෙන් ද හැඳින්වෙයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නම් නැවතත් පාරවල් අයිනේ හිටගන ඉන්න මෙවන් යෝධ කාඩ්බෝඩ් වීරයන් දක්නට නොලැබේවා කියා ප්‍රර්ථනා කරනවා .
මේ වගේ ඔලුවෙන් වැඩ කරන්න බැරි නළුවෝ තමයි දැන් අපේ රටෙත් ඉන්නේ. ඉතින් මේ මහා කාඩ්බෝඩ් වීරයා ආව කියල දේශපාලනයෙන් මෝහනය වෙලා ඉන්න තමිල්නාඩුවන්ට වෙන සෙතක් නැහැ. තවත් එක කාටුන් එකක් බැලුව වගේ තියේවි.