IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රාජකීය බැල්ලියට අපහාස කළ අයෙක් අත්අඩංගුවේ

තායිලන්ත රජු භූමිබෝල් ගේ ප්‍රියතම බැල්ල වන ඇයිලින් මොනාච් පසුගියදා මියගිය බව එරට රජය නිවේදනය කළේය. ඉන් දිනකට පසු එරට නීතිය අනුව රාජකීයයන්ට නිග්‍රහ කිරීමේ චෝදනා මත එම බැල්ලියට අන්තර්ජාලය හරහා අපහාසාත්මක අයුරින් චෝදනා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විදෙස් පුවත් සේවා පවසයි.

තොන්ග් ඩෙන්ග් නමින් හඳුන්වන රාජකීය බැල්ල සම්බන්ධයෙන් 2002 වසරේදී හෘදයාංගම කෘතියක්ද නිකුත් කැරිණි.

දෙසැම්බර් 26 වැනිදා පස්වරු 11.10 ට ක්ලායි කැන්ග්වොන් හිදී තොන්ග් ඩෙන්ග් සැහැල්ලුවෙන් නිදා සිටියදී සාමදානයේ සැතපුණු බව නිවේදනයක් නිකුත් කරමින් එරට රජය කියයි. එම බැල්ල තායිලන්තයේ ගෞරවනීය චරිතයක් කර ඇත. තොන්ග් ඩෙන්ග් බැල්ල සම්බන්ධයෙන් ලියවුණු ග්‍රන්ථය එරට වැඩිම අලෙවියක් සහිත කෘතිය වූ බවත් එය හැරී පෝටර් කෘතිය තායිලන්තයේදී අලෙවි වූ වාර්තා හා සමවන බවත් කියති. බැල්ල සම්බන්ධයෙන් සැකසුණු සජීවීකරණ සිනමා පටයක්ද මේ දිනවල තායි සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ.

බැල්ලට නිග්‍රහ කිරීමේ චෝදනාවට අත් අඩංගුවට ගැනුණු 27 හැවිරිදි තාන්කෝන් සිරිපායිබූන් නමැත්තා ෆේස්බුක් හරහා එසේ සිදුකර ඇති බව පැවසුවද ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු එරට රජය මෙතෙක් නිකුත් කර නැති බව විදෙස් ප්‍රවෘත්ති සේවා කියයි.

භූමිබෝල් රජු මේවන විට 88 වැනි වියේ පසුවෙයි. දීර්ඝ කාලයක් තායිලන්තයේ රජු ලෙස සිටිමින් වාර්තාවක්ද තබා ඇති ඔහු මේ වනවිට අසනීපයෙන් පසුවන බව එරට ආරංචි කියයි.

CI-5GO8WEA2015122954ud Thai-King-Bhumibol_201512295b-(1)



අදහස් (0)

රාජකීය බැල්ලියට අපහාස කළ අයෙක් අත්අඩංගුවේ

සාමා Thursday, 31 December 2015 12:42 AM

සුනඛයන්ට අපහාස කරන්න එපා. ඒ සත්තු මනුස්සයන්ට වඩා තමාගේ හාම්පුතාට හිතවත්. මිනිස්සු වගේ පස්සෙන් ගිහින් පිහියෙන් අනින්නේ නැහැ. කෙළෙහිගුණ හොඳටම දන්නා සත්තු තමා සුනඛයෝ. (නි)

:       0       0

අලි Wednesday, 30 December 2015 08:38 AM

නියමයි බලු සුරතලේ (බ)

:       0       0

ගයාන් Thursday, 31 December 2015 01:54 AM

තායිලන්තය කියන්නෙ බෞද්ධ රටක්. මේ රජතුමාට මිනිස්සු සළකන්නේ දෙවියෙකුට වගේ. මේ වගේ තැනක උපදින්න බැල්ලිත් ලොකු පිනක් කරලා ඇති. හුඟක් අයගෙ බුද්ධි මට්ටම පේනවා අදහස් වලින්. (නි)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 29 December 2015 10:02 PM

අම්මෝ අපිත් මොකුත් කියන්න හොඳ නැහැ. බයේ බැහැ මට නම් (නි)

:       0       0

අශෝක ‍ Wednesday, 30 December 2015 01:35 AM

එහෙ බල්ලාට අපහාස කරනවා. මෙහෙ සමහර මිනිසුන්ට බල්ලාට වගේ අපහාස කරනවා (නි)

:       0       0

මහින්ද සෞදි Tuesday, 29 December 2015 07:38 AM

ජාත්‍යන්තර උසාවියක් එන නිසා මොකුත් කියන්නේ නැහැ. (ර)

:       0       0

යවනාඩ් Wednesday, 30 December 2015 05:05 AM

අනේ ඇත්තට... එහේ බල්ලන්ට තිබෙන සැළකිළි දකිද්දී මිනිස්සු වශයෙන් අපිට අපි ගැන දුකයි (නි)

:       0       0

ටිලාන් Wednesday, 30 December 2015 05:25 AM

ඒ රටවල බල්ලන්ට තියෙන සැප? (නි)

:       0       0

ජයවීර Tuesday, 29 December 2015 07:57 AM

රෝයල් බැල්ලිය සාමදානයෙන් සැතපේවා ! (බ)

:       0       0

අරුණ Wednesday, 30 December 2015 12:20 PM

ලෝකය දැන් යන්නේ කණපිටට බව අපිට දැන් පෙනෙනවා. මෙන්න තවත් එවැනි විහිළුවක්! (නි)

:       0       0

ගොඩ්ෆ්‍රී Tuesday, 29 December 2015 08:25 AM

බැල්ලියට සාමෙන් සැතපේවා පතමු (ම)

:       0       0

හේමන්ත Tuesday, 29 December 2015 09:09 AM

බල්ලෙක් වුනත් රජ ගෙයි ඉපදීම වාසනාවක්. උපස්තම්ම්භක කාර්ම කිවේ බුදුදහමේ ඕවට තමයි. ජනක කර්මය හොද නැති වුනාට, ඊළගට ඉදිරියට එන්නේ මෙම කර්මයයි. දහසක් මිනිසුන් මළ පසු පොත් තියා ශෝක පණිවිඩයක් වත් නැතිවම භුමිදානය වෙනවා. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 522 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site